slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2021
කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (02 දා) ප.ව. 2.30 ට ආරම්භ වන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

තරගයට පෙර ශ්‍රී ලංකා නායකයා පැවැසූ පරිදිම ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ අවතීර්ණව සිටියි. වනිඳු හසරංග එහි ප්‍රමුඛයා වන අතර අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම සෙසු දඟ පන්දු යවන්නෝ වෙති. මේ අතර කඩුලු රැකීමේ කාර්යය සඳහා මිනෝද් භානුක සහ දිනේෂ් චන්දිමාල් අතර වූ තෝරා ගැනීමේදී එම අවස්ථාව වමත් පිතිකරු මිනෝද් භානුකට හිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී දඟ පන්දු යවන්නන් පිළිබඳව විශ්වාසය තබා යෑමට තීරණය කිරීමත් සමඟ දකුණු අප්‍රිකානු පිලද අද තරගයේදී වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා වන කේෂව් මහරාජ් සහ ටබ්‍රේස් ශම්සි සමඟ අවතීර්ණව සිටියි.

ශ්‍රී ලංකා පිල – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක, 3. භානුක රාජපක්ෂ, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. අකිල ධනංජය, 10. දුෂ්මන්ත චමීර, 11. ප්‍රවීන් ජයවික්‍රම.

දකුණු අප්‍රිකානු පිල  – 1. ජෙනමන් මාලන්, 2. ටෙම්බා බවුමා (නායක), 3. ඒඩියන් මාක්‍රම්, 4. රාසි වැන්ඩර් ඩුසේන්, 5. හෙන්රිච් ක්ලාසන්, 6. කයිල් වෙරේයන්, 7. ඇන්ඩ්ල් පෙලුක්වායෝ, 8. කේෂව් මහරාජ්, 9. කාගිසෝ රාබඩා, 10. ඇන්රිච් නොර්යේ, 11. ටබ්‍රෑස් ශම්සි.

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee