slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2021
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහර දෙයි

sinhala editor

වර්ෂාව හේතුවෙන් ආරම්භය පමා කෙරුණු දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක කේෂව් මහරාජ් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය ප.ව. 4.00 ට ආරම්භ වනු ඇත. මෙම තරගයේදී ශ්‍රී ලංකාව කිසිදු වෙනස්කමක් නොකොට අවතීර්ණ වද්දී දකුණු අප්‍රිකානුවෝ වෙනස් කම් 3 ක් සමඟින් තරගයට අවතීර්ණව සිටිති.

එහිදී නායක බවුමා වෙනුවට කේෂව් මහරාජ් කණ්ඩායම මෙහෙයවද්දී හිටපු නායකයාගේ ස්ථානය සඳහා රීසා හෙන්ඩ්‍රික්ස් නම් කර තිබේ. ඊට අමතරව කයිල් වෙරෙයන් වෙනුවට වියාන් මල්ඩර් සහ ඇන්රිච් නෝයේ වෙනුවට ජෝර්ජ් ලින්ඩේ සමඟ තරගයට අවතීර්ණව සිටිති. අද තරගය ලින්ඩේගේ මංගල එක්දින තරගය වේ.

පන්දුවාර 47 කට සීමා අනුව පන්දු යැවීමේදී පන්දු යවන්නන් දෙදෙනකුට පමණක් උපරිම පන්දුවාර සංඛ්‍යාවන පන්දුවාර 10 යැවීමේ හැකියාව පවතින අතර අනෙක් තිදෙනාට පන්දුවාර 9 බැගින් යැවීමේ අවස්ථාව උදාවී තිබේ. මේ වන විට ක්‍රීඩාංගණය වසා තිබුණු වැසි ආවරණ්‍ය සියල්ලම ඉවත් කිරීමට කටයුතු යොදා තිබෙන අතර දෙපිළේම ක්‍රීඩකයින් සිය ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම වල නිරතව සිටින අයුරු දැක ගන්නට තිබේ.

ප.ව. 4.00 ට ආරම්භ වන තරගයේ පළමු ඉනිම ප.ව. 7.18 වන විට අවසන් වන අතර රාත්‍රී භෝජනයෙන් පසු නැවතත් ප.ව. 7.48 ට ආරම්භ වන තරගය රාත්‍රී 11.06 දක්වා පැවැත්වෙනු ඇත. පන්දුවාර සංඛ්‍යාව අඩුවීමේදී පළමු පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 ට කිසිම බලපෑමක් නොවන නමුත්, දෙවැනි පවර් ප්ලේ අවස්ථාව 11 වැනි පන්දුවාරයේ සිට 38 වැනි පන්දුවාරය දක්වා වූ පන්දුවාර 28 ටත් තෙවැනි පන්දුවාරය 39 වැනි පන්දුවාරයේ සිට 47 වැනි පන්දුවාරය දක්වා වූ පන්දුවාර 9 ටත් සීමාව පැවැත්වෙනු ඇත.

දකුණු අප්‍රිකානු පිල – 1. ජෙනමන් මාලන්, 2. ඒඩියන් මාක්‍රම්, 3. රීසා හෙන්ඩ්‍රික්ස් 4. රාසි වැන්ඩර් ඩුසේන්, 5. හෙන්රිච් ක්ලාසන්, 6. වියාන් මල්ඩර් , 7. ඇන්ඩ්ල් පෙලුක්වායෝ, 8. කේෂව් මහරාජ්, 9. කාගිසෝ රාබඩා, 10. ජෝර්ජ් ලින්ඩේ, 11. ටබ්‍රෑස් ශම්සි.

ශ්‍රී ලංකා පිල – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක, 3. භානුක රාජපක්ෂ, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. අකිල ධනංජය, 10. දුෂ්මන්ත චමීර, 11. ප්‍රවීන් ජයවික්‍රම.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

USD United States (US) dollar