slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2021
දෙවැනි තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකිවනු ඇත. තරගය ආරම්භයට මිනිත්තු 45 කට පමණ පෙර යළිත් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැළීම නිසා මේ වන විට මුළු ක්‍රීඩාංගණයම වැසි ආවරණය වලින් වසා තැබීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිත තරගය පන්දුවාර සංඛ්‍යාවේ කිසිදු අඩුවකින් තොරව ආරම්භ කිරීමට නම් අවම වශයෙන් තරගය ප.. 3.30 වන විට පළමු පන්දුව යැවිය යුතු වන තත්ත්වයට ක්‍රීඩාංගණය සකස් කොට තිබිය යුතුය. ඒ අනුව ප.ව. 2.00 වන විටත් වර්ෂාව ඇද හැළීම නිසා මුලු ක්‍රීඩාංගණයම වසා තැබීමට මේ වන විට කටයුතු යොදා තිබේ.

පළමු තරගය ජය ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පෙර තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest