slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2021
යොවුන් ක්‍රීඩකයින්ගේ වගකීම අවිෂ්ක ගුණවර්ධනට

sinhala editor

ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අවිෂ්ක ගුණවර්ධන මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව ගුණවර්ධන මහතාගේ පත්වීම 2022 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන තෙවැනි මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවකු වන අවිෂ්ක ගුණවර්ධන මහතා, මීට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සහ නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. ඊට අමතරව ජාත්‍යන්තර තරග සංචාර කීපයකදීම ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසින්ක ගුණවර්ධන මහතා කටයුතු කළේය.

මේ අතර යොවුන් කණ්ඩායමේ කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා පත් කිරීමටද එම විධායක කමිටු රැස්වීමේදී තීරණය වී තිබේ. ඔහුගේ ධුර කාලය එළැඹෙණ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් බලපැවැත්වෙනු ඇත. හලංගොඩ මහතා මීට පෙරද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සහ නැගී එන කණ්ඩායමේ කළමනාකරු ලෙසින් කටයුතු කළ අතර ‘ඒ’ කණ්ඩායමේදී කළමනාකරු ලෙසින් කටයුතු කළේය.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest