slc
Home   |    News
සැප්තැම්බර් 23, 2021
LPL දෙවැනි අදියරට ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සැප්තැම්බර් 24 වැනි සිකුරාදා දින සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙවර තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය වන www.srilankacricket.lk ට ගොස් ඒ සඳහා වන ලියාපදිංචිවීමේ අවස්ථාව උදාවී තිබෙන අතර අයැදුම් කිරීමට බලාපොරොත්තුවන ක්‍රීඩකයින් ඔක්තෝබර් මස 05 වැනිදා මධ්‍යාහ්න 12 ට පෙර සිය අයැදුම්පත් ලියාපදිංචි කොට අවසන් කළ යුතු වේ.

එසේ සිදුකරනු ලබන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියෙන් පසු එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩකයින් තේරීම වෙනුවෙන් වූ කෙටුම්පත් කිරීමට (Player Draft)  සුදුසුකම් ලබනු ඇත.

– විදේශීය ක්‍රීඩකයින්

එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතට සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වන විදෙස් ක්‍රීඩකයින් පහත සඳහන් සුදුසුකම් සපුරාලිය යුතු වන අතර, එහිදී ක්‍රීඩකයින් ඔවුන්ගේ ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම හෝ පූර්ණ සාමාජික මණ්ඩල තරගාවලිවල ප්‍රධාන විස්සයි-20 තරගාවලි පාදක කරගනිමින් පවත්වා ඇති තරගාවලියක් හෝ ක්‍රීඩා කර තිබිය යුතු වේ. එම ක්‍රීඩකයින් අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ක්‍රීඩකයින් විය යුතුය.

– කණ්ඩායම් සංයුතිය

දෙසැම්බර් 04 වැනිදා සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි අදියරය, පෙර තරගාවලිය පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත. කණ්ඩායමේ මූලික සංචිතය ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වන අතර එහිදී දේශීය ක්‍රීඩකයින් 14 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු එක් කර ගැනීමේ හැකියාව කණ්ඩායම් හිමිකාරීත්වයට හිමිවනු ඇත.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest