slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2021
දඟ පන්දුව ගැන විශ්වාසය තබමින් ශ්‍රී ලංකාව හෙට දකුණු අප්‍රිකාව මුණ ගැසෙයි

sinhala editor

By Chamila Karawita

ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තරග ජයග්‍රහණය කිරීම කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබේ. එය හෙට (02 දා) දකුණු අප්‍රිකාවට එරෙහිව ප.ව. 2.30 ට ආරම්භ වන පළමු එක්දින තරගය සඳහා සුභ පෙර නිමිත්තකි. ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පසු වුවත් ශ්‍රී ලංකා දසුන් ශානක සඳහන් කර සිටින්නේ තරගයේ වැඩි වාසි පවතින්නේ තම කණ්ඩායම සතුව බවයි.

ලොව වේගවත්ම පන්දු යවන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින කාගිසෝ රබඩා සහ ලුන්ගි න්ගිඩි දෙදෙනා දකුණු අප්‍රිකානු පිල සතු වුවද අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී දසුන් සඳහන් කර සිටියේ වේගයෙන් පන්දු යැවූ පමණින් ඔවුන් හොඳම පන්දු යවන්නන් නොවන බවත්, ඔවුන්ට එරෙහිව පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දෙනු ඇති බව තම විශ්වාසයත් බවයි.

“වේගයෙන් පන්දු යැව්වා කියලා ඔවුන් හොඳම පන්දු යවන්නන් වෙන්නේ නෑ. ඒ පන්දු වල දෝලනයත් අඩංගු විය යුතුයි” යැයි පවසන දසුන් ” අපේ කන්ඩිෂන් වල එයාලට ලේසියෙන් පන්දු යවන්න් නොදෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ” යැයිද සඳහන් කර සිටියේය.

“මම හිතනවා අපේ පිතිකරුවන් ඔවුන්ට එරෙහිව හොඳින් පන්දුවට පහර දෙයි කියලා. පළවැනි ඕවර 10 දි කඩුලු ලබා නොදී තරගයට මුහුණ දෙන්න පුලුවන් වුණොත් ඒක අපි ලොකු වාසියක් වෙනවා. මම හිතනවා ඒක අපිට කරන්න පුලුවන් කියලා” යැයි දසුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

පිතිකරුවන් පිළිබඳව එවැන් විශ්වාසයක් තබා සිටින ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් කෙරෙහිද 200% කටත් වඩා විශ්වාස කරන බව සඳහන් කර සිටියි. කණ්ඩායම් සතු ශක්තිය සංසන්දනය කිරීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පන්දු යවන්නන්ට වඩා ශ්‍රී ලංකාවේ දඟ පන්දු බල ඇණිය ගැන තමාට විශ්වාස බව දසුන් පවසා සිටියි.  

“ඔවුන්ගේ කණ්ඩායමේ හොඳ වේග පන්දු යවන්නන් දෙන්නෙක් සිටිනවා. ඒත් කණ්ඩායමක් ගත්තහම  වේග පන්දු බලඇණිය හරි දඟ පන්දු බල ඇණියෙ දෙකෙන් එකක් ශක්තිමත්. මේ වෙලාවේ අපේ කණ්ඩායම ගත්තොතින් අපේ දඟ පන්දු බලඇණිය එයාලට වැඩිය උඩින් ඉන්නවා කියලා මට 200% වගකීමක් ඇතුව කියන්න පුලුවන්. කණ්ඩායමේ ශක්තිය ගැන විශ්වාස කරන නිසා දකුණු අප්‍රිකාවට වඩා අපේ අය උඩින් ඉන්නවා කියලා තමයි මං හිතන්නේ” යි දසුන් වැඩිදුරටත් පවසා සිටියේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව වූ කඳවුරු බැඳීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය වන්නේ පිතිකරුවන් 6 ක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් 2 ක් සහ දඟ පන්දු යවන්නන් තිදෙනෙකු වශයෙනි. නායක දසුන් පවසන ආකාරයට තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනා අනිවාර්යයෙන්ම වේග පන්දු යවන්නන් විය යුතු බවයි. පන්දු යවන්නකු ලෙස දසුන් ශානක ලබා සිටින වර්ධනය, කණ්ඩායම සමබර බර කිරීම පහසු කරවන්නක් වනු ඇත. උප නායක ධනංජය ද සිල්වාට සහ චරිත් අසලංකටද පන්දු යැවීමේ හැකියාව පැවැතීම විශේෂඥ පන්දු යවන්නනකුගේ සේවය කණ්ඩායමට ඇතුළත් කිරීමට අතිරේක සහායක් ලබා දෙනු ඇත.

දඟ පන්දු බල ඇණියේ වනිඳු හසරංග ප්‍රධානියා බවට පත්වද්දී කණ්ඩායම සතු සෙසු ශක්තීන් පිළීබඳ දසුන් සඳහන් කර සිටියේ මෙවැනි අදහසකි.

“මේකෙ අපිට ඔප්ෂන් ගොඩක් තියෙනවා. වනිඳු එක්ක ක්‍රීඩා කරනනකොට අකිල ධනංජය, මහේෂ් තීක්ෂණ වගේම, ප්‍රවීන් ජයවික්‍රම මෙන්ම රමේෂ් මෙන්ඩිස් යන සෑම ආකාරයකම පන්දු යවන්නන් ඉන්නවා. මම හිතන්නේ ඔවුන් සියල්ලම හොඳ රිද්මයක ඉන්නවා. මේ අතරින් තුන් දෙනෙක් හෙට තරගයට ක්‍රීඩා කරන්න තෝරගන්නවා” යැයි දසුන් පවසයි.

“කණ්ඩායමක් විදියට ගත්තහම අපි ජයග්‍රාහී මානසිකත්වයක සිටිනවා. මට හිතනෙවා විශේෂයෙන් අපේ දඟ පන්දු යවන්නන් වැඩි කඩුලු ප්‍රමාණයක් දවාගන්න හැකියාවක් ලැබුණොත් අපිට තරගාවලිය ජය ගැනීමට හැකියාව තියෙනවා කියලා. ඒක නිසා මම විශ්වාස කරනවා මේ තරගාවලිය ගොඩක් වාසිය තියෙන්නේ අපේ පැත්තට කියන එක ගැන” යැයි දසුන් අවධාරණය කරයි.

වනිඳුගේ සහායකයා ලෙස ඉන්දීය තරගාවලියේදී සාර්ථකත්වයට පැමිණි අකිල ධනංජය පළමු තේරීම වන නමුත් තෙවැන්නා කවුරුන්ද යන්න දැඩි තරගයක් පවතියි. ප්‍රවීන් ජයවික්‍රමද ලබා දුන් සෑම අවස්ථාවකදීම සිය වගකීම මැනවින් ඉටු කිරීමට සමත්ව සිටින පන්දු යවන්නෙක් බවට පත්වූවත්, අජන්ත මෙන්ඩිස්ගේ ආකාරයේ පන්දු යවන මහේෂ් තීක්ෂණට හෙර තරගයේදී එක්දින වරම් හිමි වුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු ලබා නොදී  පන්දු යැවීමට තීක්ෂණ දක්වන තික්ෂණ බුද්ධිය ඒ සඳහා ඔහුට මං විවර කර තිබේ.

ශ්‍රේණිගත කිරීමෙහි 5 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු පිලට එරෙහි තරගාවලිය කිසිසේත්ම පහසු එකක් නොවන බව සෑම ක්‍රීඩකයෙක්ම දන්නා කරුණකු නමුත් අවසන් 11 දෙනා අතරට කඩුලු රකින්නා වශයෙන් කවුරුන් කටයුතු කරන්නේද යන්න අද දහවල් වන තුරුත් අවසන් නිඟමනයකට පැමිණ නොතිබිණ. නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් පෙරේරාගේ තත්ත්වය තවමත් සුව අතට පත් නොවීම නිසා එක්දින තරගාවලියේදී ඔහුගේ සහාය ශ්‍රී ලංකා පිලට අහිමිව තිබීම මත කඩුලු රැකීමේ කාර්යය භාර ගැනීම සඳහා හිටපු නායක දිනේෂ් චන්දිමාල් සහ මිනෝද් භානුක සැදී පැහැදී සිටියි. ඔවුන් දෙදෙනාගෙන් අයෙක් තෝරා ගැනීම තරමක් අසීරු කටයුත්තක් බවට පත්ව සිටින්නේ අවසන් වරට පැවැති දේශීය විස්සයි-20 තරගාවලියේදී පිතිකරුවන් වශයෙන් ඔවුන් දෙදෙනාම දක්ෂතා අතරට පැමිණ සිටින බැවිනි.

“ඇත්තටම ලකුණු අතරට පැමිණීම අතින් ගත්තොත් මිනෝද් භානුක පළාත් තරගාවලියේ අන්තිම තරගයේදී ලකුණු අතරට ආවා. චන්දි අයියත් (දිනේෂ් චන්දිමාල්)  දිගටම ලකුණු අතර හිටියා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් හෙට තරගයට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා” යැයි කඩුලු රකින්නා පිළිබඳව කරන ලද විමසීමේදී දසුන් සඳහන් කර සිටියේය.

කලු ජාතික නායකයකු වන ටෙම්බා බවුමාගේ නායකත්වය යටතේ තරග වදින දකුණු අප්‍රිකානු පිල මෙම තරගාවලියට සහභාගව සිටින්නේ අයර්ලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ ලද අමිහිරි පරාජයත් සමඟිනි. 2010 වසරේ සිට ඔවුන් ශ්‍රී ලංකාවේ තරග වැදි අවස්ථා 13 දී ශ්‍රී ලංකාව ජයග්‍රහණ 7 ක් වාර්තා කරගෙන ඇති නමුත්, 2014 දී සහ 2018 වසර වලදී පැවැති එක්දින තරගාවලි ජය ගැනීමට සංචාරකයෝ සමත්ව සිටිති.

හෙට තරගයට ක්‍රීඩා කිරීමට අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක, 3. භානුක රාජපක්ෂ, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. අකිල ධනංජය, 10. දුෂ්මන්ත චමීර, 11. ප්‍රවීන් ජයවික්‍රම/මහේෂ් තීක්ෂණ.

දකුණු අප්‍රිකාව – 1. ජෙනමන් මාලන්, 2. ටෙම්බා බවුමා (නායක), 3. ඒඩියන් මාක්‍රම්, 4. රාසි වැන්ඩර් ඩුසේන්, 5. හෙන්රිච් ක්ලාසන්, 6. කයිල් වෙරේයන්, 7. ඩ්වයින් ප්‍රිටෝරියස්, 8. ජෝර්ජ් ලින්ඩ්, 9. කාගිසෝ රාබඩා, 10. ඇන්රිච් නොර්යේ, 11. ටබ්‍රෑස් ශම්සි.

Active filters

Recent Posts

  • පන්දුවක් ඉතිරිව තිබියදී රෙඩ්න් ජය වාර්තා කරයි 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියේ මැයි 04 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එස්.එල්.සී. රෙඩ්ස් සහ එස්.එල්.සී. ග්‍රීන් අතර තරගයෙන් […]
  • ජාතික රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘හරසර‘
    ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  •  සිව්වන එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම ජය ගනී.
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරග පහක තරගාවලියේ අද (05) පැවැති සිව්වන එක්දින තරගයෙන් කඩුලු […]
  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee