slc
logo
Home   |    News
සැප්තැම්බර් 11, 2021
පවර් ප්ලේ අවස්ථාවන්හි අපි මීට වඩා ලකුණු ලබාගත යුතුයි – දසුන් ශානක

Sri Lanka Cricket

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ප්‍රථම 20-20 තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 28ක පරාජයක් ලැබීමට ප්‍රධාන සාධකයක් ලෙස තමා දකින්නේ පවර් ප්ලේ අවස්ථාවේ අප ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොලැබීම බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කරයි.

මේ දිනවල පවතින 20-20 තරග සහ ඉදිරියේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සහ ලෝක කුසලාන තරගාවලිය විශාල අභියෝගයක් බව තමා පිළිගන්නා බව පවසන දසුන් ශානක ඒවා ජයගැනීමට සැළසුම් සහගතව ක්‍රියාකරන බවද පැවසීය.

ප්‍රථම 20-20 තරගයේදී අප වෙතින් සිදුවූ අඩුපාඩු සකස් කරගෙන මීළඟ තරග දෙකට සැළසුම් සහගතව සාර්ථකව මුහුණ දීමට අපේක්ෂා කරන බව කී ශ්‍රී ලංකා නායකයා මේ තරගාවලිය නිමවු විගස එක්සත් අරාබි එමීර් රාජ්‍ය තණතිලිවලට හා දේශගුණයට හුරුව ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවද කීවේය.

ප්‍රථම 20-20 තරගයේ වීරයා බවට පත්වු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඒඩ්න් මාක්‍රම් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ තණතිලිවල පන්දුවට පහර දීමේදී තමා එමගින් පළපුරුද්දක් ලබාගත් අතරම එය අධ්‍යනය කිරීමට අවස්ථාවක් උදාකර කරගත් බවත්ය.

ආරම්භක පිතිකරුවකු වන තමාට 20-20 තරගාවලියේදී වෙනත් ස්ථානයන්හි පන්දුවට පහරදීමට සිදුවීම පිළිබඳව විමසුවිට මාක්‍රම් පැවසූවේ කණ්ඩායමේ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමෙන් පළපුරුද්දක් ලබාගැනීමට හැකිවීම පිළිබඳව තමා සතුටු වන බවය.

අපගේ අරමුණ මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන 20-20 තරගාවලියයි. අප මෙහිදී ලබාගන්නා සියලු අත්දැකීම් ඊට බෙහෙවින් දායක වනු ඇතැයිද ඒඩ්න් මාක්‍රම් කීය.

දකුණු අප්‍රිකා නායක කැසව් මහ්රාජ් අදහස් දක්වමින් ක්‍රීඩකයන්ගේ තුන් ඉරියව්වේම දක්ෂතා ප්‍රථම තරගයේ ජයග්‍රහණයට දායකවූ බවය. ප්‍රථම වරට මෙවැනි තරගයකට නායකත්වය දීමත් තමාගේ ප්‍රථම පන්දුවේදීම කඩුල්ලක් දවාලීමත් පිළිබඳව සතුටු වන බව හේ කීය. ලබන ලෝක කුසලාන තරගාවලියේදී තමාට දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව සැලසෙන්නේ නම් එය අගය කරන බවද ඔහු පැවසීය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee