slc
Home   |    News
ඔක්තෝබර් 13, 2021
අලුත් හැඩකින් එන දෙවැනි LPL තරගාවලියේ තරග 20 ක් කොළඹදී

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා ගිය වර ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු යාපනය සහ ගාල්ල අතර තරගයෙන් ආරම්භ වේ. එදින පස්වරු 3.00 ට පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උළෙලින් පසු යාපනය සහ ගාල්ල කණ්ඩායම් ප.ව. 7.30 ට උරෙන් උර ගැටෙති.

ගිය වසරේ පැවැති තරගාවලියේ සියළුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වූ නමුත්,  දෙවැනි තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන තරග 20 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මූලික වටයේ තරග වලින් අනතුරුව දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය ඇතුළු කඩ ඉම් තරග වටයේ තරග හතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පළමු තරගාවලියට සාපේක්ෂව දෙවැනි තරගාවලියේ ඇති විශේෂත්වය වන්නේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිළිමළුන් පිටු දැකීමේ තරගයකට (Eliminator) අමතරව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා තවත් සුදුසුකම් ලැබීමේ තරගයකට  ක්‍රීඩා කිරීමට කණ්ඩායම්වලට අවස්ථාව සලසා දීම වේ. මූලික වටයේ වැඩි දක්ෂතාවන් දක්වනු ලබන කණ්ඩායම්වලට අවසන් පූර්ව තරග වලදී සිදුවිය හැකි අසාධාරණය අවම කිරීම වෙනුවෙන් මෙම ක්‍රමය භාවිතා කරනු ලබයි.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් (Qualifier 1) ජයගනු ලබන කණ්ඩායම සෘජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබන නමුත් පරාජිතයින්ට තවත් වරක් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් නිර්මාණය කර දීම මෙවර හඳුන්වාදෙන ක්‍රමය හරහා සිදුකෙරේ.

ඒ අනුව පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) පරාජයට පත්වන කණ්ඩායමට නැවතත් අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් පිළිමළුන් පිටු දැකීමේ තරගයට හෙවත් Eliminator තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කළ යුතු වනු ඇත. මෙම නව ක්‍රමවේදය මෙවර තරගාවලියට ඇතුළත් කිරීම නිසා අභිනව තරගාවලියේ පැවැති සමස්ථ තරග 23 ට වඩා එක් තරගයක් මෙවර තරගාවලියේදී වැඩිපුර පැවැත්වෙනු ඇත. මීට අමතරව තරගාවලියේ ඇති අනෙක් සුවිශේෂීතාව වන්නේ දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට පසු දිනද අතිරේක දිනයක් ලෙස නම් කර තිබීම වේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest