slc
logo
Home   |    News
ඔක්තෝබර් 31, 2021
එංගලන්තය පහසුවෙන්ම ඔස්ට්‍රේලියාව පරදවයි

sinhala editor

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට ළක්කරමින් කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට එංගලන්ත පිල සමත්විය. එම ජයග්‍රහණය සනිටුහන් වන විට එංගලන්ත පිලේ පන්දුවාර 8 කුත් පන්දු 2 ක් ඉතිරිව තිබීම විශේෂත්වයක් විය.

ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 20 අවසානයේ සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 125ට පිළිතුරු ලෙසින් එංගලන්ත පිල ඉලක්කය සපුරා ගියේ 12 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදීය. එම හඹා යෑමේදී පිතිකරුවන් දෙදෙනෙකු පමණක් ප්‍රතිවාදීන් හමුවේ එංගලන්ත පිල පූජා කළේය.

එංගලන්තයේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පැමිණි ඔස්ට්‍රේලියාවේ 7 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට ලකුණු 21කට කඩුලු 4ක් දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.ඕස්ට්‍රේලියාවේ පන්දුවට පහරදීමේ වේගය පන්දුවාරයකට 6.25ක්වූ අතර එය මෙවැනි තරගයකට කොහෙත්ම ප්‍රමාණවත් නොවීය.

ඕස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච් (44) හැරුණු විට එම කණ්ඩායමේ කිසිඳු පිතිකරුවකුට ලකුණු 20 සීමාව ඉක්මවිමට එංගලන්ත පන්දු යවන්නන් අවස්ථාවක් නොතැබීය. ඕස්ට්‍රේලියා හයවන කඩුල්ලට ඒරන් ෆින්ච් සහ ඇස්ටන් අගාර් පන්දු වාර හයකදී එක්කළ ලකුණු 47 ඔවුනගේ හොඳම සබඳතාවයයි.

ලකුණු අතර සිටි ඕස්ට්‍රේලියා පිතිකරුවන් වූ නායක ඒරන් ෆින්ච් පන්දු 49කදී හතරේ හතරක් සමඟ ලකුණු 44ක්ද ඇස්ටන් ඒගාර් පන්දු 20කදී හයේ පහර දෙකක් සමඟ ලකුණු 20ක්ද මැතිව් වේඩ් පන්දු 18කදී හතරේ දෙකක් සමඟ ලකුණු 18ක්ද ලබාගත්හ. ලකුණු 17කට කඩුලු තුනක් දවාලු ක්‍රිස් ජෝඩ්න් තරගයේ වීරයා ලෙස නම් කැරිණි.

එංගලන්තය පන්දුවට පහර දෙන අවස්ථාවේ ඔවුන් ලකුණු 126ක ඉලක්කයක් කරායද්දී ඔවුනගේ ලකුණු රැස්කිරීමේ වේගය 10.8ක් වැනි විශාල ප්‍රමාණයකට තබා ගැනීමට සමත්විය. ඔවුනගේ හොඳම සබඳතාවය වූයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ජේසන් රෝයි සහ ජොස් බට්ලර් පන්දු වාර 6.2කදී මුල් විකට්ටුවට ලබාගත් ලකුණු 66වේ.

එංගලන්ත පිතිකරුවන් අතුරින් කැපී පෙනුණු ජොස් බට්ලර් පන්දු 32කට පමණක් මුහුණදී හයේ පහර පහක් හතරේ පහර පහක් සමඟ නොදැවී ලකුණු 71ක්ද ජේසන් රෝයි පන්දු 20කදී හයේ පහරක් හතරේ පහරක් සමඟ ලකුණු 22ක්ද ජොනී බෙයාර් ස්ටෝ නොදැවී ලකුණු 16ක්ද ලබාගත්හ.

ලකුණු විස්තරය

ඕස්ට්‍රේලියාව පන්දු වාර 20කදී  ලකුණු 125යි – (ඒරන් ෆින්ච් 44, මැතිව් වේඩ් 18, ඇස්ටන් අගාර් 20, මිචෙල් ස්ටාර්ක් 13, පැට් කමින්ස් 12,  ක්‍රිස් ජෝර්ඩ්න් 17/3, ක්‍රිස් වෝක්ස් 23/2, ටිමාල් මිල්ස් 45/2)

එංගලන්තය පන්දු වාර 11.4කදී කඩුලු 2ට 126යි – ජොස් බට්ලර් නොදැවී 71, ජේසන් රෝයි 22, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 16, ඇස්ටන් අගාර් 15/1, ඇඩම් සම්පා 37/1යි)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee