slc
Home   |    News
ඔක්තෝබර් 1, 2021
ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකාරීත්වය ලයිකා සමාගමට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අභිනව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයින් බවට පත් වුණු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නව හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයකු වන අලිරාජා සුබාස්කරන් මහතාට අයත් ලයිකා සමාගම විසින් හිමිකරගෙන තිබේ.

2021 වසරේ දෙසැම්වර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන එල්.පී.එල්. දෙවැනි තරගාවලියේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සියලු කටයුතු ලයිකා සමාගම විසින් සිදුකරනු ඇත.

ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකාරීත්වය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වා සිටින ලයිකා සමාගමේ හිමිකරු අලිරාජා සුබාස්කරන් මහතා,  “එල්.පී.එල්. තරගාවලියේ වර්ධනය පිළිබඳව මම අවධානය යොමු කර සිටියා. එය ඉතාම හොඳ තරගාවලියක් බවට පත්ව තිබෙන අතර එය ක්‍රිකට් දින දර්ශකයේ ප්‍රධාන තැනක් ගනු ලබන බව මම විශ්වාස කරනවා. ලෝකය පුරා බොහෝ ක්‍රීඩා ලෝලීන් මෙම තරගාවලිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර සිටින අතර එය හොඳ අරමුදල් සහ නම් දැරූ ක්‍රීඩකයින් තරගාවලියට එක්වීමත් සමග තවත් සාර්ථකත්වයට පත් වේවි. ඒ නිසා මම මෙය සමඟ දිගටම රැඳී සිටිනවා” යනුවෙනි.

“යාපනය කණ්ඩායම පළමු ශූරතාව දිනා ගත් කණ්ඩායම. ඒ වගේ කණ්ඩායමක් ලබා ගන්න ඕන කෙනෙක් කැමැත්තක් දක්වනවා. ඒ වගේම උතුරු පළාත ගැන මට තද බැඳීමක් තියෙනවා” යැයි ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකාරීත්වය තෝරා ගැනීම පිළිබඳව සුබාස්කරන් මහතා අදහස් දැක්වීය.

මේ අතර ලයිකා සමාගම විසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ හිමිකාරීත්වය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වා සිටින එල්.පී.එල්. හි ප්‍රවර්ධක ආයතනය වන අයි.පී.ජී. සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා, “ලයිකා සමාගම ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ හිමිකරුවන් වශයෙන් පත්වීම ගැන මම ඉමහත් සතුටට පත් වෙනවා. ඔවුන් ක්‍රීඩාව කෙරෙහි දක්වන ඇල්ම සහ ආශාව නිසා ඔවුන්ගේ රසිකයින් සහ එහි පාර්ශ්වකරුවන් සමඟ කණ්ඩායම ඉදිරියට ගෙන යා හැකි බවට මා විශ්වාස කරනවා” යනුවෙනි.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලි කාලසටහන සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ඉදිරියේදී තහවුරු කිරීමට නියමිතය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
USD United States (US) dollar

Pin It on Pinterest