slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2021
තීක්ෂණ යළි අවසන් 11 ට – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

By Chamila Karawita

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව මෙන්ම ඔස්ට්‍රේලියාවද සහභාගිවන පළමු තරගය බවට පත්වන සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ තරගයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියේය.

ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කිරීම පුදුමයක් නොවන්නේ මෙම ක්‍රීඩාංගණයේ වාර්තා පිළිබඳව අවධානය යොමු කිරීමේදීය. මෙවර ලෝක  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තරග 3 ක් පවත්වා තිබෙන අතර එම තරග 3 ම ජය ගැනීමට සමත්ව ඇත්තේ දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායම් වේ. එපමණක් නොව අවසන් වසරක පමණ කාලයේදී මෙහි පවත්වා ඇති තරග 16 න් තරග 12 කම ජය වාර්තා කිරීමට සමත්ව ඇත්තේ දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායම් වන බැවින් ලකුණු හඹා යෑමේදී ඩුබායි තණතීරුවේදී කිසියම් සහයෝගයක් ලබා දෙනු ඇති බව අපේක්ෂා කෙරේ.

කාසියේ වාසිය උරගා බැලීමේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවා සඳහන් කර සිටියේ කාසියේ වාසිය ජයග්‍රහණය කළේ නම් තමන් ද පළමුව පන්දු යැවීමට බලාපොරොත්තුවෙන් පසු වූ බවයි. අද තරගයට ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් පෙර සූදානම් වී සිටින බවද සඳහන් කර සිටි ශ්‍රී ලංකා නායකයා, පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ එක් වෙනස් කමක් සිදුකරමින් මහීෂ් තීක්ෂණ කණ්ඩායමට පැමිණ සිටින බවයි.

සුදුසුකම් ලැබීමේ අවසන් තරගයේදී ඇලපතේ ආබාධයකට මුහුණ දීම නිසා සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය යටතේ බංග්ලාදේශයට එරෙහි තරගයට තීක්ෂණ සහභාගි නොවුණු අතර ඒ වෙනුවට වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කළේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමද පෙර තරගයට සහභාගිවුණු කණ්ඩායමේ කිසිම වෙනස් කමක් සිදු නොකරමින් අවතීර්ණව සිටියි. වේග පන්දු යවන මිචෙල් ස්ටාර්ක් කිසියම් ආබාධයකට මුහුණ දී සිටියද අද තරගයට සහභාගිවීම සඳහා එය ගැටළුවක් වී නොමැත. ඒ අනුව ඔස්ට්‍රේලියානු පිල ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණව සිටින අතර ස්ටාර්ක්, පැට් කමින්ස් සහ ජෝෂ් හෙස්ල්වුඩ් ඔවුහු වෙති.

ශ්‍රී ලංකා XI – 1. කුසල් පෙරේරා, 2. පැතුම් නිස්සංක, 3. චරිත් අසලංක, 4. අවිෂ්ක ප්‍රනාන්දු, 5. වනිඳු හසරංග, 6. භානුක රාජපක්ෂ, 7. දසුන් ශානක (නායක), 8. චාමික කරුණාරත්න, 9. දුෂ්මන්ත චමීර, 10. ළහිරු කුමාර, 11. මහීෂ් තීක්ෂණ.

ඔස්ට්‍රේලියා XI – 1. ඩේවිඩ් වෝනර්, 2. ඒරන් ෆින්ච් (නායක), 3. මිචෙල් මාෂ්, 4. ස්ටීවන් ස්මිත්, 5. ග්ලෙන් මැක්ස්වෙල්, 6. මාර්කස් ස්ටොයිනිස්, 7. මැතිව් වේඩ්, 8. පැට් කමින්ස්, 9. මිචෙල් ස්ටාර්ක්, 10. ඇඩම් සම්පා, 11ත ජෝෂ් හෙස්ල්වුඩ්.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar