slc
Home   |    News
ඔක්තෝබර් 1, 2021
දෙවැනි LPL තරගාවලියේ තරග සුප්‍රීම් නාළිකාව ඔස්සේ

sinhala editor

දෙවැනි වතාවට පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ මෙරට විකාශන අයිතිය පෞද්ගලික විකාශන ආයතනයක් වන සුප්‍රීම් රූපවාහිනී නාළිකාව (Supreme TV) විසින් හිමිකරගෙන තිබේ. දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන LPL දෙවැනි තරගාවලියේ සියළුම තරග සුප්‍රීම් නාළිකාව ඔස්සේ විකාශනය කෙරෙනු ඇත.

එල්.පී.එල්. තරගාවලියේ නිල ප්‍රවර්ධක ආයතනය වන අයි.පී.ජී. සමාගම සමඟ බහු වාර්ෂික ගිවිසුමකට එළැඹ සිටින සුප්‍රීම් නාළිකාව ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලකට වියිද යමින් ඩිජිටල් සම්ප්‍රේෂණය ලබා දීමට කැපව සිටියි.

“අපිට මේ ලැබුණු අවස්ථාව නිහතමානීවූ ආඩම්බරයකින් භාර ගනු ලබනවා. ක්‍රීඩාව සහ විනෝදාස්වාදය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර සිටින සුප්‍රීම් නාළිකාව ශ්‍රී ලංකාව තුළ වේගයෙන්ම වර්ධනය වන සිංහල භාෂා නාළිකාව වේ. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින් අභියෝගාත්මක කාල පරිඡේදයක් පසු කරමින් සිටින අවස්ථාවක එල්.පී.එල්. තරගාවලිය යනු ජාතියක් ලෙස නැවුම් ආශ්වාදයක් ලබා ගැනීමට තිබෙන හොඳම අවස්ථාවක්. එල්.පී.එල්. යනු විස්සයි-20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර විප්ලවීම සංකල්පයක් වන අතර ඒ හරහා ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පෙළේ පසුවන ක්‍රීඩකයින්ගෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට නවක ක්‍රීඩකයින්ට අවස්ථාව උදාවනු ඇත” යැයි සුප්‍රීම් නාළිකාවේ සභාපති ආර්. එම්. මනිවානන් මහතා සඳහන් කර සිටියේය.

එල්.පී.එල්. තරගාවලියේ දේශීය විකාශනය අයිතිය හිමි නාළිකාව බවට සුප්‍රීම් නාළිකාව ඉදිරියට පැමිණීම සම්බන්ධව අදහස් දක්වා සිටි අයි.පී.ජී. හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා, “ඉමහත් කීර්තියකට පත්ව තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දේශීය විකාශන සහකරු ලෙස සුප්‍රීම් නාළිකාව පැමිණිම අපට ඉමහත් සතුටක් ගෙන දෙන්නක් වන අතර මට විශ්වාසයෙන් යුතුව සඳහන් කළ හැකි කරුණක් වන්නේ මෙම සහයෝගීතාවය එල්.පී.ඒ. වෙළෙඳ  නාමයට හොඳ සාක්ෂියක්. පළමු තරගාවලියේදී, ශ්‍රී ලංකාවේ පමණක් අපි මිලියන 1.9 ක් තරම් නරඹන්නන් සංඛ්‍යාවක් වෙත යෑමට සමත් වුණා. අපේ පළමු තරගාවලිය ඉතා සාර්ථක වූ අතර සුප්‍රීම් නාළිකාව එකතුවීමත් සමඟ එය තවත් විශාල පරාසයක් දක්වා වර්ධනය වේවි” යනුවෙනි.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලි කාලසටහන සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ඉදිරියේදී තහවුරු කිරීමට නියමිතය

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest