slc
Home   |    News
ඔක්තෝබර් 28, 2021
බංග්ලාදේශය දෙවැනි පරාජයත් ලබයි

sinhala editor

එංගලන්තය සහ බංග්ලාදේශය අතර අබුඩාබි නගරයේදී බදාදා (27) පැවැති සුපිරි 12 ලෝක කුසලාන 20-20 තරගයෙන් එංගලන්තය පන්දු වාර 5.5ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය අත්කර ගත්තේ කඩුලු 8කිනි. බංග්ලාදේශය පන්දු වාර 20 අවසානයේ කඩුලු නවයක් දැවී ලබාගත් ලකුණු 124ට පිළිතුරු ලෙසින් එංගලන්තය පිතිකරුවන් දෙදෙනෙකු පමණක් දැවී ලකුණු 126ක් රැස්කළේ පන්දු වාර 14.1කදීය. තරගයේ වීරයා බවට පත්වූයේ පන්දු 38කදී හතරේ පහක් හයේ තුනක් සමඟ නොදැවී ලකුණු 61ක් ලබාගත් එංගලන්ත ආරම්බක පිතිකරු ජේසන් රෝයිය.

ප්‍රබල එංගලන්ත කණ්ඩායම මේ තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම ඉදිරියෙන් සිටීමට සමත්වූ අතර බංග්ලාදේශයට කිසිදු අවස්ඵථාවක තරගයට අවතීර්ණ වීමට අවකාශ නොලැබිණි.

එංගලන්තය ලකුණු 125ක ඉලක්කයක් කරා යද්දී දෙවන කඩුල්ලට ජේසන් රෝයි සහ ඩේවිඩ් මාලන් (නොදැවී 28) ලකුණු 73ක සබඳතාවයක් තබාගත්තේ පන්දු වාර අටකදීය. ඩේවිඩ් මාලන් පන්දු 25කදී හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 28 ලබා සිටියේය. බංග්ලාදේශයේ එකම පන්දු යවන්නෙකුට හෝ එංගලන්ත පිතිකරුවනට තර්ජනයක් වන ලෙස පන්දු යැවීමට අවස්ථාව නොලැබිණි.

බංග්ලාදේශය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට තීරණය කර පන්දුවාර 20 අවසානයේ කඩුලු නවයකට ලකුණු 124ක් ලබා ගත්තත් එය එංගලන්තය වැනි ප්‍රබල පිතිකරුවන් සිටින කණ්ඩායමකට අභියෝගවත් ලකුණු සංඛ්‍යාවක් නොවීය.

බංග්ලාදේශ පිතිකරුවන් අතුරින් මුෂ්ෆිකර් රහිම් ලකුණු 29ක්ද (පන්දු 30යි හතරේ තුනයි) නායක මහ්මදුල්ලා ලකුණු 19ක් ද (පන්දු 24යි හතරේ පහරයි) නසුම් අහ්මඩ් පන්දු නවයකදී හයේ දෙකක් හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 19ක්ද ලබාසිටියහ.

හොඳම සබඳතාවය වූයේ සිව්වන කඩුල්ලට මුස්ෆිකර් රහිම් සහ මහ්මදුල්ලා පන්දු වාර 5.2කදී එක්කළ ලකුණු 37ය. ඊට අමතරව නුරුල් හසන් සහ නසුම් අහමඩ් අටවන කඩුල්ලට තැබූ සබඳතාවය පන්දු වාර 2.4කදී රැස්කළ ලකුණු 26වේ.

එංගලන්ත පන්දු යවන්නන් අතුරින් කැපීපෙනුණු පන්දු යවන්නා වූ ටිමාල් මිල්ස් කඩුලු තුනක්ම දවාලූවේ ලකුණු 27ක් පමණක් දීමෙනි.

ලකුණු විස්තරය

බංග්ලාදේශය පන්දු වාර 20දී කඩුලු 9ට 124යි – (මුෂ්ෆිකර් රහිම් 29, මහ්මදුල්ලා 19, නසුම් අහ්මඩ් නොදැවී 19, නුරුල් හසන් 16, ටිමාල් මිල්ස් 27/3, ලයම් ලිවින්ග්ස්ටන් 15/2, මොයින් අලි 18/2යි

එංගලන්තය පන්දු වාර 14.1කදී කඩුලු 2ට 126යි – (ජේසන් රෝයි 61, ඩේව්ඩ් මලන් නොදැවී 28, ජොස් බට්ලර් 18, සොරිෆුල් ඉස්ලාම් 26/1, නසුන් අහ්මඩ් 26/1)

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest