slc
Home   |    News
ඔක්තෝබර් 10, 2021
භානුක – චාමික ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

sinhala editor

ලෝක කුසලාන තරගාවලියට පෙර පෙරහුරුවක් ලෙසින් ඕමානයට එරෙහිව තරග වැදි දෙවැනි තරගයෙන්ද කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තරයේ තමන් සිටින්නේ කොතැනද යන්න පෙන්වා දීමට සමත්විය. ඒ සමඟම තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකා පිල ජය ගනු ලැබුවේ 2-0 ක් ලෙසිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්කය සපුරා ගනු ලැබුවේ පන්දු 15 ක් සහ කඩුලු 5 ක් ලකුණු පුවරුවේ ඉතිරි කර ගනිමිනි. 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න පන්දු 42 කදී ලකුණු 74 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ මිහිර ගෙන ආහ. කොළඹ රාජකීය විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටින දකුණත් සහ වමත් පිතිකරුවන් දෙදෙනා අතරින් භානුක පන්දු 21 කදී ලකුණු 35 ක්ද, චාමික කරුණාරත්න පන්දු 26 කදී ලකුණු 35 ක්ද ලබා ගත්තේ හයේ පහර 3 බැගින් එල්ල කරමිනි.

ජයග්‍රාහී අරමුණ සාක්ෂාත් කර ගැනීම කරා ගිය ගමනේදී  ලකුණු 89 කට කඩුලු 5 ක් දැවී යමින් අවධානමකට ශ්‍රී ලංකා පිල මුහුණ දුන්නද පිතිකරණ ශක්තියේ තරම පෙන්වා දෙමින් භානුක-චාමික කඩුලු ලබා නොදී ජයග්‍රහණය තහවුරු කළහ. එම ජයග්‍රහණයේදී චරිත් අසලංක සහ දසුන් ශානක හැර සෑම පිතිකරුවකුම තම වගකීම හැකි පමණින් ඉටු කළහ. වැඩි කලබලයක් රඳවා ගැනීමට යෑමේදී චන්දිමාල් ලකුණ            18 කට දැවී ගියද ඒ සඳහා ඔහු වැය කරන ලද්දේ පන්දු 8 ක් පමණි. ලකුණු 40 ක් වද්දී අසලංකද දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නන් සමත්වුවද තුන්වැනි කඩුල්ලට පැතුම්ට එක්වූ අවිෂ්ක වැඩි කලබලයකින් තොරව ලකුණු 47 ක් එක් කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 30 සීමාව ඉක්මවාලූ තෙවැනි පිතිකරුවා බවට පත්වූ අවිෂ්ක පන්දු 18 කදී ලකුණු 35 ක් රැස් කළේය.

දුර්වල පන්දු රැකීම නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඕමාන පිලේ ලකුණු සංඛ්‍යාව මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට තබා ගැනීමට හොඳින්ම අවකාශ තිබිණ. ලද අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් ඔහු කඩුලු 8 කට ලකුණු 159 ක් ලබා ගත්හ. එම ලකුණු රැස් කීමේදී පවර් ප්ලේ අවස්ථාව ඇතුළත ආරම්භක පිතිකරුවන් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් වුවත් ලකුණු 44 ක් රැස් කර ගැනීමට ඕමාන් පිතිකරුවෝ සමත්වූහ.

ලකුණු රැස් කර ගැනීමට අපහසු පන්දු යවන්නකු ලෙසින් සැලකෙන මහීෂ් තීක්ෂණගේ පළමු පන්දුවාර 2 දී ලකුණු 18 ක් උදුරා ගත් අවසන් පන්දුවාර දෙක ලකුණු 6 කට සීමා කරගැනීමට ඔහු සමත්වූවේය. ලකුණුඅ 24 කට කඩුල්ලක් දවා ගැනීමට දකුණත් පන්දු යවන්නා සමත්වද්දී අකිල ධනංජයගේ පන්දුවාර 3 ලකුණු 33 ක් උදුරා ගැනීමට ඕමාන පිතිකරුවෝ සමත්වූහ. පන්දු යැවීමේදී සීග්‍ර දියුණුවක් පෙන්නුම් කර සිටින ළහිරු කුමාර ලකුණු 20 කට කඩුලු 2 ක් සහ චාමික කරුණාරත්න ලකුණු 39 කට කඩුලු 2 ක් දවා ගත්හ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 10 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට පිටත්ව යනු ඇත.  

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest