slc
Home   |    News
ඔක්තෝබර් 15, 2021
යොවුන් පිලෙන් ලකුණු 229 ක අභියෝගයක්

sinhala editor

යොවුන් එක්දින වරම් දිනූ පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් අමතක නොවන ආරම්භයක් සනිටුහන් කරගත් පවන් පතිරාජගේ ලකුණු 67 ක ඉනිම ප්‍රධාන කොට සිව්වැනි සහ පස්වැනි කඩුලු අතර ගොඩනැංවුණු අර්ධ ශතක සම්බන්ධතා හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (ඔක්තෝබර් 15) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ඇරැඹි පළමු එක්දින තරගයේදී ලකුණු 229 ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙසින් තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයේදී මුල් කඩුලු 3 ම ලකුණු 32 කදී දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වද්දී ශ්‍රී ලංකාවට සැනසිල්ලක් ගෙන ආ පතිරාජ ලකුණු ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම් කරුවා බවට පත්විය. දැඩි පීඩනකාරී තත්ත්වයක් යටතේ පන්දුවට පහර දීමට පැමිණි ශරීරයෙන් කුඩා වමත් පිතිකරුවා 6 වැනි කඩුල්ල වෙනුවෙන් දැවී යනවිට ලබා ගත් ලකුණු 67 සඳහා පන්දු 88 ක් වැය කර තිබුණේය.

හතරේ පහර 5 කින් ඉනිම වර්ණවත් කරගත් මහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනය කරමින් පැමිණ සිටින පතිරාජ, සදීෂ රාජපක්ෂ සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක්ද පස්වැනි කඩුල්ල වෙනුවෙන් උප නායක රවීන්ද සිල්වා සමඟ ලකුණු 80 ක්ද ගොඩනංවමින් ශ්‍රී ලංකාව අසීරුතාවෙන් මුදවා ගත්හ. පීඩනය අතරින් තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම කුමක්ද යන්න හරි හැටි වටහා ගනිමින් පන්දුවට පහර දුන් රවීන් ලකුණු 29 ක් ලබා ගත්තේ පතිරාජට පසු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.

ආරම්භයේ සිටම ඉතාම නිවැරදි ඉලක්කට පන්දු යැවී බංග්ලාදේශ පන්දු යවන්නන්ට එරෙහිව පිති මුවහත් කළ ශ්‍රී ලංකා පිතිකරුවන් අතර සදීෂ රාජපක්ෂට පසු අංක 10 පිතිකරණ ස්ථානයෙන් පැමිණි ඉසුරු රොඳ්‍රගෝ කැපී පෙනුණ. ඉනිමේ වැඩිම ප්‍රහාරාත්මක වේගයකට හිමිකම් කියූ (166.66)  ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල නියෝජනය කරනු ලබන යසිරු පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී රිපොන් මොන්ඩොල් ලකුණු 59 කට කඩුලු 3 ක් සහ අශිකුර් සමාන් ලකුණු 43 කට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙනුණි.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest