slc
logo
Home   |    News
ඔක්තෝබර් 20, 2021
යොවුන් පිලේ වෙනස්කම් 5 ක්

sinhala editor

Chamila Karawita reporting from Dambulla

වර්තමාන යොවුන් ලෝක ශූරයින් වන බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනූ සංචාරක පිල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙතෙක් පැවැති තරග අතර බංග්ලාදේශ නායක මෙහෙරාබ් හසන් කාසියේ වාසිය දිනූ පළමු අවස්ථාව වශයෙන් මෙය සනිටුහන් විය. පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීමේදී බංග්ලාදේශ පිලවෙනස්කම් දෙකක් සිදු කරමින් අවතීර්ණ සිටියි. දෙවැනි තරගයට ක්‍රීඩා කරන ලද රිපොන් මොන්ඩොල් සහ ගෝලාම් ක්‍රිබ්‍රියා වෙනුවට මෂික් හසන් සහ අසාන් හබීබ් අවසන් 11 දෙනා අතරට පැමිණ සිටිති.

පළමු තරග 2 ජයග්‍රහණය කර සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ ජය අත්කර ගැනීමට අද තරගයේ ජය ප්‍රමාණවත් වේ. එසේ වුවහොත් තරගාවලියේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම ලෝක ශූරයින්ව බිංඳුවට ඇද දැමීමට දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත.

පළමු තරග 2 ට ක්‍රීඩා කළ යසිරු රොද්‍රගෝ සහ චමිඳු වික්‍රමසිංහ ආබාධ වලට ලක්වීම නිසා ඉවත්ව සිටිති. ආරම්භක පිතිකරුවන් වූ ජීවක සශීන් සහ සදීෂ් ජයවර්ධනත්, මැද පෙළ පිතිකරුවකු වන සදීෂ රාජපක්ෂට අද තරගයේ ස්ථානය අහිමිව තිබේ. ආබාධිත දෙදෙනාගේ ස්ථාන සඳහා විනුජ රන්පුල් සහ වනුජ සහන් කණ්ඩායමට පැමිණ සිටියි. සංචිතයේ පසුවන සෑම ක්‍රීඩකයකුටම අවස්ථාව සලසා දීම වෙනුවෙන් සිදුකරගෙන යන ක්‍රියා පටිපාටිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී සමස්ථ වෙනස්කම් 5 ක් සිදු කරමින් අවතීර්ණ වීම කැපී පෙනන අතර ඒ වෙනුවෙන් කණ්ඩායමට පැමිණෙන පස් දෙනාම පළමු වතාවට යොවුන් තරග වරම් ලබන ක්‍රීඩකයෝ වෙති. විනුජ සහ වනුජට අමතරව රයන් ප්‍රනාන්දු, හරිඳු ජයසේකර සහ ළහිරු දවටගේ අද තරගයේදී මංගල යොවුන් වරම් දිනාගෙන ඇති ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ පිල – හරිඳු ජයසේකර, රයන් ප්‍රනාන්දු, ෂෙවෝන් ඩැනියල්, පවන් පතිරාජ, රවීන් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ (නායක), ළහිරු දවටගේ, වනුජ සහන්, විනුජ රන්පුල්, ට්‍රෙවීන් මැතිව්, මතීෂ පතිරණ.

බංග්ලාදේශ අවු. 19 න් පහළ පිල – මෆිජුල් ඉස්ලාම්, ඉෆ්තිකාර් හොසේන්, තජිබුල් ඉස්ලාම්, ආයිච් මොල්ලා, අබ්දූල් මමුන්, අරිෆුල් ඉස්ලාම්, මෙහෙරාම් හසන්, අසාන් හබීබ්, මුෂ්ෆික් හසන්, අශිකුර් සමන්, නයිමුර් රෙහ්මාන්.

Active filters

Recent Posts

  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]
  • දඹුල්ලට එරෙහි ගාල්ල පළමු ඉනිමේ ලකුණු 6ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ගාල්ල […]
  • කැන්ඩි ලකුණු 460ට එරෙහි කොළඹ 106ට දැවීයයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේදී කැන්ඩි පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු […]
  • මිශාර පිට පිට දෙවැනි ශතකය ලබද්දී ඕෂද වැඩිම ලකුණු ලාභියා වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වූ අද (20 වැනිදා) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee