slc
Home   |    News
ඔක්තෝබර් 30, 2021
වනිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්

sinhala editor

දකුණු අප්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්විය. මෙය වනිඳුගේ ජාත්‍යන්තර තරග දිවියේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ දෙවැනි අවස්ථාව මෙන්ම විස්සයි-20 තරග අංශයේදී වනිඳු කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු අවස්ථාව වශයෙන් සටහන් විය.

පළමුව ඒඩ්න් මාක්‍රම්ව දවා ගත් වනිඳු අනතුරුව නායක ටෙම්බා බවුමාගේ කඩුල්ල දවා ගනිමින් කඩුලු ත්‍රිත්වය අභිමුවට පැමිණියේය. තීරණාත්මක පන්දුවේදී ඩ්වේන් ප්‍රිටෝරියස්ව දවා ගත් වනිඳු කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය. එක්දින තරග දිවියේ මංගල තරගයට සහභාගිවෙමින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට වනිඳු වාසනාවන්ත විය. සිම්බාබ්වේ පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැති තරගයේදී ඔහු සිය පළමු කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest