slc
Home   |    News
ඔක්තෝබර් 31, 2021
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 141 න් නවතියි

sinhala editor

විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිව මහනුවර පල්ලකැලේ පැවැත්වෙන සිව්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 141 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. වර්ෂාව හේතුවෙන් පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 6 කට ලකුණු 61 ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 4 ඇතුළත ලකුණු 80 ක් රැස් කිරීමට පසු පෙළ පිතිකරුවෝ සමත්වූහ.

ටෙස්ට් වරම් දිනා සිටින පිතිකරුවන් අසාර්ථක වද්දී 09 වැනි කඩුල්ලට එක්වූ විශ්ව ප්‍රනාන්දු ලසිත් ඇඹුල්දෙණිය එක්ව ලකුණු 31 ක්ද අවසන් කඩුල්ල වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සමඟ එක්ව ලකුණු 22 ක් ද එක් කළහ. අවසන් කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු 22 ම විශ්වගේ පිත්තෙන් වාර්තාවිය.

අනගි සහායක් ලබා දුන් ඇඹුල්දෙණිය හතරේ පහර 5 ක් සමඟ ලකුණු 22 ක් ලබා ගනිද්දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 30 ක් රැස් කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 කින් ඉනිම සරසා ගනිමිනි. වේග පන්දු යවන්නන් වන නසීම් ෂා ලකුණු 53 කට කඩුලු 5 ක්ද කුරාම් ශේසාඩ් ලකුණු 25 කට කඩුලු 3 ක්ද සහ ඉර්ෆනුල්ලා ෂා ලකුණු 40 කට කඩුලු 2 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest