slc
Home   |    News
ඔක්තෝබර් 10, 2021
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

sinhala editor

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද අවසන් 15 දෙනා අතරට අතිරේක ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයින් සිව් දෙනෙකු එක් කිරීමට ක්‍රිකට් තේරීම් වලදී පියවර ගෙන තිබේ. පැතුම් නිස්සංක, ළහිරු කුමාර, අකිල ධනංජය සහ බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට අලුතින් එක්ව සිටින ක්‍රීඩකයෝ වෙති.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට හැකියාව පවතින්නේ ක්‍රීඩකයින් 15 දෙනෙකු පමණක් වන නමුත් මූලික සංචිතයේ 15 දෙනාට අමතරව තවත් සිව් දෙනෙකු අතිරේක ලැයිස්තුවට ඇතුළත් කෙරිණ. කෙසේ වෙතත් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එයට පෙර සූදානමක් ලෙසින් තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙකු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරමින් 23 දෙනෙකු එක්සත් අරාබි එමීර් සහ ඕමාන් බලා පිටත් කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ලැබීය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියේදී ළහිරු මදුශංක බෙල්ල ආශ්‍රිත ආබාධයකටද ඕමානයට එරෙහි තරගාවලියේදී මස් පිඬු ඉරීයෑම හේතුවෙන් නුවන් ප්‍රදීප්ටද ලෝක කුසලාන තරගාවලිය අහිමිවිය. ඔවුන් දෙදෙනාට අමතරව සිදුකරන සංශෝධනයන්හිදී කමිඳු මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රමට මූලික සංචිතයෙන් ඉවතට යෑමට සිදුවිය.

ශ්‍රී  ලංකා කණ්ඩායම ලබන 18 වැනිදා නැමීබියාවට එරෙහිව ලෝක කුසලාන සටන අරඹන අතර අනතුරුව 20 වැනිදා අයර්ලන්තයද, 22 වැනිදා නෙදර්ලන්තයද මුණ ගැසෙනු ඇත. ප්‍රධාන තරගාවලියට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග 3 න් දෙකක් ජය ගැනීම අනිවාර්යය වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (උප නායක), පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු.

.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest