slc
logo
Home   |    News
ඔක්තෝබර් 20, 2021
ශ්‍රී ලංකා යොවුන් පිල හමුවේ ලෝක ශූරයෝ දණ නමති

sinhala editor

Chamila Karawita reporting from Dambulla

ෂෙවෝන් ඩැනියල්ට සහ වනුජ සහන් එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවය ප්‍රධාන කොට වත්මන් යොවුන් ලෝක ශූරයින් බවට පත්ව සිටින බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (ඔක්තෝබර් 20) පස්වරුවේදී සමත්විය.

ජයග්‍රහණය සඳහා කඩුලු 3 කදී ලකුණු 63 ක් ලබා ගත යුතුව තිබූ අවස්ථාවේදී පිටියට එක් වූ ඩැනියල් සහ වනුජ පන්දු 20 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව තිබූ ජයග්‍රහණය ළඟා කර දුන්හ. එම කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු 66 න් 38 ක්ම වනුජගේ පිත්තෙන් වාර්තා විය. අවසන් ලකුණ වෙනුවෙන් පන්දුව හතරේ සීමාවට යැවූ වනුජ තරග නිමාවේදී පිතිකරණය සටහන් කරගත්තේ පන්දු 53 කදී හතරේ පහර 2ක් එල්ල කර ගනිමිනි.

ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූයේ ෂෙවෝන් ඩැනියෙල්ගේ ඉනිම විය. මුලු ලකුණු සංඛ්‍යාව 02 ක් ව තිබියදී පිටියට පිවිසි වමත් පිතිකරුවා තරගය නිමා වන තෙක්ම සිය අන්තය ආරක්ෂා කර ගනිමින් ලකුණු 85 ක් රැස් කරගත්තේය. අනෙක් අන්තයෙන් පිතිකරුවන් එකිනෙකා දැවී යද්දී තම අන්තය ආරක්ෂා කරගත් ඩැනියෙල් පන්දු 116 කට මුහුණ දුන් අතර එයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් කර ගත්තේය.

ක්‍රීඩකයින් පස් දෙනෙකුට යොවුන් තරග වරම් හිමි කර දුන් අද තරගයේදී ජයග්‍රහණය හඹා යෑම සදහා පිටියට පිවිසයේ අලුත්ම පිතිකරුවන් යුගලයකි. ඒ හරිඳු ජයසේකර සහ රයන් ප්‍රනාන්දුය. ලකුණු 185 ක ඉලක්කය හඹෑ යෑම තරමක අවධානමක් සහගත විය. ඊට අඳුරු වළාකුළුද ශ්‍රී ලංකාවේ හරහට හිටියේය. උදෑසන කාල සීමාව තුළම හොඳින් හිරු රශ්මිය පතිතව තිබුණු නමුත් ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වීමේදී අහස වැසි වළාකුළුවලින් බරිත වීම වේග පන්දු යවන්නන්ට වැඩි අස්වැසිල්ලක් ගෙන ආවේය. මෙයින් ප්‍රයෝජන ගත් බංග්ලාදේශ ආරම්භක පන්දු යවන මුෂ්ෆික් හසන් කෝඩුකාර ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 14 කදී තරග නරඹන්නන් බවට පත් කළේය.

පළමු තරග 2 දී අර්ධ ශතක 2 ක් වාර්තා කර ගනිමින් මෙම තරගාවලියේ ලකුණු මැෂිම බවට පත්ව සිටින පවන් පතිරාජ අද තරගයේදීද ලකුණු 31 ක් ලබා ගත්තේය. එල්ල කරන පහර පිත්තේ හරියාකාරව නොවැද පන්දු යැවූ හබීබ්ගේ දෙඅත් අතර හිරව නොයන්නට පවන් ට අද තරගයේදීත් අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට හොඳන්ම අවකාශ තිබිණ. දැවී යෑමට මත්තෙන් ඩැනියෙල් සමඟ එක්වූ පවන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක වටිනා සම්බන්දතාවයක් එක් කළේය. පතිරාජගේ දැවී යෑමත් සමඟ නැවතත් තරගයට එක්වූ බංග්ලාදේශ පන්දු යවන්නෝ තවත් ලකුණු 30 ක් ඇතුළත 33 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගත්හ. එහෙත් ඩැන්යෙල් වනුජගේ සම්බන්ධතාව බිඳ හෙළීමට කිසිදු බංග්ලාදේශ පන්දු යවන්නකු නොහැකි විය.

පළමු වරට කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙරාබ් හසන් පන්දුවට පහර දීමට තීරණය එය වැරදි තීරණයක් බව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔප්පු කරන ලද්දේ පළමු කඩුලු 7 ම ලකුණු 71 ක් ඇතුළත බිඳ දමමිනි. දඹුලු තණතීරුවේදී කිසිම බංග්ලාදේශ පිතිකරුවන්ට කිසිම සහනයක් ලබා නොදුන් විනුජ රන්පුල් සහ උප නායක රවීන්ද සිල්වා එම කඩුලු 7 න් 5 ක්ම දවා ගත්හ. 8 වැනි ස්ථානයෙන් පැමිණි අහෝසන් හබීබ් (33), 9 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි අශිකුර් සමන් (නොදැවී 54) සහ 10 වැනි පිතිකරු ලෙසින් පැමිණි නයිමුර් රෝමන් (27) එක්ව රැස් කරන ලද ලකුණු 114 නොවන්නට බංග්ලාදේශ පිල අන්ත අසරණ තත්ත්වයකට පත්වනු ඇත.

පන්දු යැවීමේදී යොවුන් භෞතීස්ම ලද විනුජ රන්පුල් කැපී පෙනුනු අතර ඔහු ලකුණු 32 කදී කඩුලු 3 ක් දවා ගත්තේය. උප නායක රවීන් ද සිල්වා ලකුනු 38 කට කඩුලු 3 ක් දවා ගන්නා අතර වාරයේ පළමු වතාවට යොවුන් තරගයකට ක්‍රීඩා කරන ලද වනුජ සහන් ලකුණු 26 කට ප්‍රතිවාදී කඩුලු 2ක් බිඳ හෙළීය.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි නිල නොවන එක්දින තරගය ලබන 23 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee