slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2021
සිව්වැනි යොවුන් තරගයේදී නවක මුහුණු දෙකකට අවස්ථාව

sinhala editor

By Chamila Karawita

පළමු තරග 3 ම ජය ගනිමින් තරගාවලියේ ශූරයින් බවට පත්ව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ වර්තමාන අවුරුදු 19 න් පහළ ලෝක ශූරයින් වන බංග්ලාදේශ යොවුන් පිල සමඟ පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

තරග 2 ක් ඉතිරිව තිබියදි තරගාවලි ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බැවින් අද සහ ලබන 25 වැනිදා පැවැත්වෙන තරග ශ්‍රී ලංකාවට පුහුණු තරග ලෙසින් යොදා ගැනීමේ අවස්ථාව පවතියි. එබැවින් සංචිතයේ පසුවන අනෙකුත් ක්‍රීඩකයින්ටද තරග වැදීමේ අවස්ථාවක් ලබා දීමට කණ්ඩායම් කලමනාකාරීත්වයට හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබේ. එබැවින් අද තරගයටද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමඟ අවතීර්ණව සිටියි.

වේග පන්දු යවන මතීෂ පතිරණ සහ ට්‍රෙවීන් මැතිව් වෙනුවට අද තරගයේදී සසංක නිර්මාල් සහ ධනාල් හේමානන්ද කණ්ඩායමට එකතුව සිටියි. මැතිව් වෙනුවට කණ්ඩායමට පැමිණ සිටින පිට දඟ පන්දු යවන සසංක නිර්මාල් රත්ගම දේවපතිරාජ විදුහලද වමතින් වේග පන්දු යවන ධනාල් හේමානන්ද බම්බලපිටිය ශාන්ත පීතර විදුහල නියෝජනය කරමින්ද ජාතික කණ්ඩායමට පැමිණ සිටිති.

වත්මන් යොවුන් ලෝක ශූරයින් බවට පත් වුවද බංග්ලාදේශ කණ්ඩායමට තවමත් මෙම තරගාවලියේ එකම තරගයක් හෝ ජය ගැනීමට නොහැකිවීම කැපී පෙනෙන්නකි. මේ තත්ත්වය හරහා ඔවුන්ට කණ්ඩායම තුළ නිසි සංයුතියක් සකසා ගැනීමද අපහසු ව තිබේ. කෙසේ වෙතත් අද තරගය සඳහාද ඔවුන් වෙනස්කම් දෙකක් සිදුකරමින් අවතීර්ණව සිටින අතර පෙර තරගයට ක්‍රීඩා කළ අශිකුර් සමන් සහ අබ්දූල් මමූන් වෙනුවට නව්රෝස් නබිල් සහ මොහිදීන් තරික් අද තරගයට පැමිණ සිටිති.

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ පිල – 1. හරිඳු ජයසේකර, 2. රයන් ප්‍රනාන්දු, 3. ෂෙවෝන් ඩැනියල්, 4. පවන් පතිරාජ, 5. රවීන් ද සිල්වා, 6. දුනිත් වෙල්ලාලගේ (නායක), 7. ළහිරු දවටගේ, 8. වනුජ සහන්, 9. විනුජ රන්පුල්, 10. සසංක නිර්මාල්, 11. ධනාල් හේමානන්ද.

බංග්ලාදේශ අවු. 19 න් පහළ පිල – 1. මුෂ්ෆික් හසන්, 2. ඉෆ්තිකාර් හොසේන්, 3. අරිෆුල් ඉස්ලාම්, 4. ආයිච් මොල්ලා, 5. ටජිබුල් ඉස්ලාම්, 6. නයිමුර් රෝමන්, 7. මෙහෙරාම් හසන්, 8. මෆිජුල් ඉස්ලාම්, 9. අසාන් හබීබ්, 10. මොහිදූන් තරික්, 11. නව්රෝස් නබිල්.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee