slc
logo
Home   |    News
ඔක්තෝබර් 13, 2021
බංග්ලාදේශයට එරෙහි පළමු පෙරහුරුවෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

sinhala editor

මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් සහ ඕමාන් රටවලදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමි පළමු පුහුණු තරග අවස්ථාවේදීම බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (ඔක්තෝබර් 12 වැනිදා) ලබා ගැනීමට සමත්වූහ.

අබුඩාබිහි ටොලරන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 19 වැනි පන්දුවාරයේ සපුරා ගන්නා ලද්දේ තවත් කඩුලු 4 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදීය. ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදි නොබිඳුණු ලකුණු 73 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

කැපී පෙනෙන පිතිහරඹයක නිරත වුණු අවිෂ්ක ප්‍රනාන්දු හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 42 කදී ලකුණු 62 ක් ලබා ගත්තේ ජයග්‍රහණයේ වැඩි වගකීමක් දිනූ පිතිකරුවා බවට පත් වෙමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 29 ක් ලබා ගත්තේය.

අවසන් පන්දුවාර 3 දී ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ලකුණු 34 ක් ලබා ගත යුතු වුවත් 18 වැනි පන්දුවාරයේදී ටස්කින් අහමඩ් ලබා දුන් අතිරේක ලකුණු 3 ත් සමඟින් ලකුණු 21 ක් ලබා ගැනීමටත් 19 වැනි පන්දුවාරයේදී ලකුණු 13 ක් ලබා ගැනීමට සමත්වීම නිසා පන්දුවාරයක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදාවිය. තරගය ජය ගත්තද කණස්සල්ලට ඇති එකම කරුණ වන්නේ අනෙක් පිතිකරුවන්ගෙන් බලාපොරොත්තුවන සේවය නොලැබීමය. චාමික සහ අවිෂ්කට පසු වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වූයේ පැතුම් නිස්සංක වන අතර ඔහුද ලකුණු 15 කට දැවී ගියේය.

පන්දු යැවීම අතින් ගත් විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසියම් ප්‍රගතියක් පෙන්නුම් කළ අතර එහිදී දුෂ්මන්ත චමීර කැපී පෙනුණි. ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 4 ලකුණු 27 කට සීමා කළ දකුණත් වේග පන්දු යවන්නා ප්‍රතිවාදී කඩුලු 3 ක් ද බිඳ හෙළුවේය. අවසන් තරග කීපයේදීම දැඩි ප්‍රගතියක් පෙන්නුම් කරන ළහිරු කුමාර සහ වනිඳු හසරංග සිය පන්දුවාර 4 දී ලකුණු 24 ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

පන්දුවට පහර දීමේදී බංග්ලාදේශ පිතිකරුවන් අතර සෞම්‍ය සර්කාර් පන්දු 26 කදී ලකුණු 34 ක් රැස් කළේය. ඔහු හැරුණු විට සෙසු පිතිකරුවන්ට ලකුණු 16 සීමාව ඉක්මවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසර ලබා නොදුන්හ. පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන මීළඟ පුහුණු තරගය ඔක්තෝබර් 14 වැනිදා පැපුවා නිව්ගිනියාවට එරෙහිව අබුඩාබිහිදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee