slc
Home   |    News
නොවැම්බර් 10, 2021
‘ඒ’ කණ්ඩායම් අතර තරග කාලසටහනේ වෙනසක්

sinhala editor

සංචාරක පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිතව තිබූ තරග 3 කින් සමන්විත නිල නොලත් එක්දින තරගාවලියේ දින සංශෝධනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. මේ දිනවල පවතින අයහපත් වර්ෂාව හේතුවෙන් නියමිත දිනට තරග පැවැත්වීමේ අවධානමක් මතුව තිබීම උක්ත තත්ත්වයට හේතු වී තිබේ.

ඒ අනුව අද (10 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ එක්දින තරගාවලිය දිනකින් හෙවත් නොවැම්බර් 11 වැනිදා දක්වාත්, 12 වැනිදා පැවැත්වීමට නියමිත තරගය 13 වැනිදා දක්වාත් කල් දැමීමට පියවර ගෙන තිබේ. මූලික කාල සටහන අනුව 15 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් තරගය එදිනම පැවැත්වෙනු ලැබේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest