slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2021
කාන්තා පිල පළමු කඩඉම පහසුවෙන් ජය ගනියි

sinhala editor

කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල තරග වැදි පළමු තරගය වූ නෙදර්ලන්තයට එරෙහි තරගයේදී නායිකා චමරි අතපත්තුගේ ශතකය හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිල ලබා දුන් ලකුණු 279 ක ඉලක්කය හඹා ගිය නෙදර්ලන්තයට වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු 6 ක් දැවී ලබා සිටියේ ලකුණු 196 ක් පමණි. ඒ අනුව ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිවිය.

ඒම හඹා යෑමේදී බාබේට් ලීඩ් සහ ස්ටෙර් කලීස් අර්ධ ශතක ලබා ගනිමින් නෙදර්ලන්ත පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට දැඩි උත්සාහයක් ගත් අතර ඔවුන් දැවී යෑමත් සමඟ ඒතෙක් දෙපිළටම දෝලනය වූ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත නැඹුරුවිණ. ලීඩ් පන්දු 97 කදී ලකුණු 77 ක්ද කලීස් පන්දු 94 කදී ලකුණු 66 ක්ද රැස් කරගත්හ. ඔවුන් දෙදෙනාගේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 176 කදී ලකුණු 141 කි.

පන්දු යැවීමේදී ඔෂධී රණසිංහ කඩුලු 2 ක්ද උදේශිකා ප්‍රබෝධනී, චමරි අතපත්තු සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් දවා ගත්හ.

කාසියේ වාසිය අහිමි වුවද පළමුව පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකාවට හිමිවිය. ඒ අනුව ඉනිම ඇරැඹි නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කිරීමට සමත්වූවාය. සිම්බාබ්වේහි හරාරේ පිටියේ පැවැති මෙම තරගයේදී චමරිගේ ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 278 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබිණ.

මුහුණ දුන් 64 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් වමත් පිතිකාරිණිය කැරොලින් ලැන්ග් ගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 70 කට මුහුණ දී ලකුණු 111 ක් ලබා සිටියේය. හයේ පහර 5 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත වුණු චමරිගේ ශතකය ජාත්‍යන්තරයේ රැස් කරන ලද 6 වැනි ශතකය බවටද පත්විය.

හසිනි පෙරේරා සමඟ ඉනිම ඇරැඹි චමරි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක් එක් කළේ පන්දු 82 ක් පමණක් වැය කරමිනි. එම සම්බන්ධතාව වෙනුවෙන් හසිනිගේ දායකත්වය ලකුණු 26 ක් වද්දී චමරිගේ දායකත්වය ලකුණු 64 කිනි. මැද පෙළින් පන්දුවට පහර දුන් අනුෂ්කා සංජීවනී පන්දු 44 කදී ලකුණු 31 ක් ලබා ගනිමින් චමරිට පසු ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 278 යි – (චමරි අතපත්තු 111, හසිනි පෙරේරා 26, ප්‍රසාදිනී වීරක්කොඩි 6, ඉමේෂා දුලානි 17, නිලක්ෂි සිල්වා 26, අනුෂ්කා සංජීවනී 31, ඕෂධී රණසිංහ 09, උදේෂිකා ප්‍රබෝධනී 11*, තාරිකා සෙව්වන්දි 01, අචිනි කුලසූරිය 00,කැරොලින් ලැන්ජ් 64/4, සිල්වර් සීගර් 41/2, හීතර් සීගර්ස් 64/1, අයිරිස් ස්විලිංග් 53/1

නෙදර්ලන්තය පන්දුවාර 43.4 කදී කඩුලු 6 ට ලකුණු 196 යි – බාබෙට් ලීඩ් 77, ස්ටෙර් කලීස් 66, ඔෂධි රණසිංහ 36/2

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee