slc
Home   |    News
නොවැම්බර් 5, 2021
පාකිස්තානු ‘ඒ’ කඩුලු 4 ට ලකුණු 180 යි

sinhala editor

සංචාරක පාකිස්තානු ‘ඒ’ සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ නොවැම්බර් 04 වැනිදා මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණු දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ පළමු දිනටද වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා පළමු දිනය පන්දුවාර 50.3 කට සීමා විය. දිනය අවසානවීමට කළින් නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටින පාකිස්තානු ‘ඒ’ පිල කඩුලු 4 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටියේය.

තරගය නිමා කරන විට ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆික් ලකුණු 89 ක් ද ආගා සල්මාන් ලකුණු 14 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ. පළමු කඩුලු 2 ම ලකුණු 39 කදී දවා ගැනීමට චාමික ගුණසේකර සහ හිමේෂ් රාමනායක සමත් වද්දී තෙවැනි කඩුල්ලට අබ්දුල්ලාට එක්වූ කම්රන් ගුලාම් ලකුණු 78 ක සම්බන්ධතාවක් පවත්වමින් කණ්ඩායම ඉදිරියට රැගෙන ආහ. එතැනින් නොනැවතුණු ඔහු පස්වැනි කඩුල්ලට අගා සල්මන් සමඟ එක්ව තවත් ලකුණු 43 ක් එක් කළේ එම සම්බන්ධතාවය නොබිඳිව තබා ගනිමිනි.

දැවී ගිය කඩුලු 4 න් කඩුලු 3 ක් චාමික ගුණසේකර විසින් දවාගත් අතර අනෙක් කඩුල්ල හිමේෂ් රාමනායක විසින් දවාගත්තේය.

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest