slc
logo
Home   |    News
නොවැම්බර් 15, 2021
ලොව හොඳම විස්සයි-20 පිලට අසලංක සහ හසරංග නම් කෙරෙති

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නිමාවට පත් වුණු පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් දක්වන ලද දක්ෂතාවයන් මත පදනම් නම් කරන ලද ලොව වටිනාම විස්සයි-20 කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙපළක් වන වනිඳු හසරංග සහ චරිත් අසලංකව ඇතුළත් කිරීමට  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

අතිරේක ක්‍රීඩකයකුද සමඟින් නම් කරන ලද 12 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ අංක 4 පිතිකරුවා ලෙස චරිත් අසලංකත්, තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගවත් එක් කර තිබේ. ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත්ව නම් කරන ලද මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 5 ක ක්‍රීඩකයින් ඇතුළත්ව සිටින අතර ඒ අතරට ඉන්දීය කණ්ඩායමේ එකම ක්‍රීඩකයකු හෝ ඇතුළත් නොවීම කැපී පෙනෙයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තරග 8 කට ක්‍රීඩා කළ වනිඳු කඩුලු 16 ක් බිඳ හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 9.75 ක් රඳවා තබා ගැනීමට සමත්ව සිටින වනිඳු දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී කඩුලු ත්‍රිත්වයක්ද දවා ගැනීමට සමත්වූවේය. දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා, ඒඩ්න් මාකම් සහ ඩ්වයින් ප්‍රිටෝරියස්ගේ කඩුල් දවා ගනිමින් එම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීමට හසරංග සමත්වූවේය.

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ලොව වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේ චරිත් අසලංකය. තරග 6 කට ක්‍රීඩා කළ අසලංක රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 231 ක් වන අතර එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙස 46.20 ක් සටහන් කර ගැනීමට සමත්ව තිබේ.  

ශ්‍රී ලංකාවට අමතරව ලෝක ශූරයින් වුණු ඔස්ට්‍රේලියාව, අනුශූරයින් වුණු නවසීලන්තයට අමතරව එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් එක් කිරීමට හිටපු ක්‍රීඩකයින්, විස්තර විචාරකයින් සහ මාධ්‍යවේදීන්ගේ එකතුවකින් සැදුම් ලත් පංච පුද්ගල කමිටුව පියවර ගෙන තිබේ.

ප්‍රවීන විස්තර විචාරකයකු වන හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඉයන් බිෂොප් ප්‍රධානත්වය දරන ලද කමිටුවට හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වොට්සන් මෙන්ම විස්තර විචාරයේ නියුතු නටාලි ජර්මානුස්, ප්‍රකට විස්ඩන් සඟරාවෙහි ලෝරන්ස් බූත් සහ ප්‍රංශ පුවත් සේවයේ නියුතු ශහිඩ් හෂ්මි යන මහත්ම මහත්මීන් ඇතුළත්ව සිටිති.

නම් කරන ලද මෙම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු නායක බාබර් අසාම්ව නම් කර තිබේ. එම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් නම් කර ඇත.

ලොව වටිනාම විස්සයි-20 කණ්ඩායම මෙසේය.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee