slc
Home   |    News
නොවැම්බර් 11, 2021
වනිඳු සහ ශම්සි LPL වලදීත් හැප්පෙයි

sinhala editor

By Chamila Karawita

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ අංක 1 පන්දු යවන්නා බවට පත්ව සිටින වනිඳු හසරංගත් ඔහු සමඟ කරට කර සටනක නියැළෙමින් ප්‍රබලතම එදිරිවාදියා බවට පත්ව සිටින දකුණු අප්‍රිකාවේ ටබ්‍රේස් ශම්සිත් එළැඹෙන දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී උරෙනුර ගැටීම සඳහා දියමන්ති (Diamond) කාණ්ඩය යටතේ තේරී පත්වී සිටියි.

ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් ගෙවී ගිය මාස කීපයේදීම මොවුන් දෙදෙනා අතර තියුණු සටනක් පැවැති අතර එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශම්සිව දෙවැනි තැනට ඇද දමමින් එහි පළමු ස්ථානය තහවුරු කර ගැනීමට හසරංග සමත්විය.

දෙවැනි වරට පැවැත්වෙන ‘LPL – 2021’ තරගාවලියට ක්‍රීඩකයින් තේරීම වෙනුවෙන් නොවැම්බර් 09 වැනිදා පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේදී (Player draft) මොවුන් දෙදෙනා ‘දියමන්ති’ (Diamond) කාණ්ඩයට ඇතුළත් වූ අතර එහිදී වනිඳු හසරංගව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින්ද ටබ්‍රේස් ශම්සිව ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම විසින්ද හිමිකරගනු ලැබීය. අභිනව තරගාවලියේ ශූරතාව දිනූ ජැෆ්නා කණ්ඩායමේ සාමාජිකයකු වූ වනිඳුව මෙවර තරගාවලියේදීත් රඳවා ගැනීමට එම හිමිකාරීත්වය තීරණය කරද්දී ගෝල් ග්ලැඩියේටර් පිල විසින් ශම්සිගේ සේවය ලබා ගැනීමට තීරණය කර තිබේ.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී මොවුන් දෙදෙනා ඇතුළත්ව සිටින දියමන්ති (Diamond) කාණ්ඩය යටතේ දේශීය සහ විදේශීය එක් ක්‍රීඩකයකු බැගින් තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව උදාවේ. ඒ අනුව වනිඳු ඇතුළත් වුණු දියමන්ති කාණ්ඩයේ විදෙස් ක්‍රීඩකයා ලෙස වහාබ් රියාස්ද, ගෝල් පිල නියෝජනය කරනු ලබන ශම්සිගේ දේශීය ක්‍රීඩකයා ලෙස කුසල් මෙන්ඩිස්වද එම හිමිකාරීත්වය තෝරාගෙන තිබේ. මොවුන්ට අමතරව කැන්ඩි වොරියර්ස් පිල දේශීය ක්‍රීඩකයා ලෙස ළහිරු කුමාරදවද, විදේශීය ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකානු පිලේ කැමරන් ඩෙල්පොට්, කලම්බු ස්ටාර්ස් පිලේ අහමඩ් ශේසාඩ් සහ ඩිල්ෂාන් මුණවීරද, දඹුල්ල කණ්ඩායමේ රයිලි රොසව් සහ චාමික කරුණාරත්නව විදේශ සහ දේශීය ක්‍රීඩකයින් ලෙස ඒ ඒ හිමිකාරීත්වය විසින් තෝරා ගෙන තිබේ.

මීට අමතරව තරගාවලියේ වැඩිම වටිනාකමකින් යුත් කාණ්ඩය වන සුවිශේෂී (Icon Player) විදෙස් ක්‍රීඩකයින් අතරට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ක්‍රිස් ගේල්ද, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ෆෆ් ඩු ප්ලෙසිස්ද, ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම මොහොමඩ් හෆීස්වද, කැන්ඩි වොරියර්ස් රෝමන් පවෙල්ද සහ දඹුල්ල කණ්ඩායම ඉම්රාන් තාහීර්වද එක් කර ගැනීමට එම කණ්ඩායම් හිමිකාරීත්වය පියවර ගනු ලැබූහ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශ ප්‍රධානී අරුණද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, දූෂණ මර්ධන අංශ ප්‍රධානී තේජක වනිගසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 09 වැනිදා රාත්‍රියේ පැවැති මෙම ක්‍රීඩක තෝරා ගැනීම සඳහා කණ්ඩායම් හිමිකාරීත්වය, පුහුණුකරුවන් සහ හිමිකාරීත්වය විසින් නම් කරන ලද පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය. චාරු ෂර්මා විසින් සිදුකරනු ලැබූ මෙම ක්‍රීඩක තෝරා ගැන්මේදී ප්‍රවීන විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා විශේෂඥ විචාරකයා ලෙසින් කටයුතු කරනු ලැබීය.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ක්‍රීඩකයින් 100 දෙනෙකු එදින රාත්‍රියේ තෝරා ගනු ලැබීය. එම තෝරා ගැනීමේදී සුවිශේෂී දේශීය ක්‍රීඩක කාණ්ඩයට ඉකුත් වසරේ තේරී පත්ව සිටි යාපනය පිලේ තිසර පෙරේරාද, දඹුල්ල පිලේ දසුන් ශානකද මෙවර තරගාවලියේදී දේශීය සුවිශේෂී ක්‍රීඩකයින් අතර තවදුරටත් රැඳී සිටීමට සමත් වද්දී අනෙක් කණ්ඩායම් 3 වන ගාල්ල, මහනුවර සහ කොළඹ අලුතින් ක්‍රීඩකයින් පත්කර ගැනීම කැපී පෙනිණ. ඒ අතර මහනුවර කණ්ඩායම, නවක ක්‍රීඩකයකු වුවද කැපී පෙනෙන දක්ෂතා අතරට කැපී පෙනීමට සමත්ව සිටින චරිත් අසලංකවද, ගාල්ල කණ්ඩායම ඉසුරු උදානවද සහ කොළඹ කණ්ඩායම දුෂ්මන්ත චමීරවද නම් කිරීමට පියවර ගත්හ. ඉහතින් තෝරා ගෙන සිටින සියළුම ක්‍රීඩකයින් ක්‍රීඩකයින් තේරීමට පෙරම එම කණ්ඩායම් හිමිකාරීත්වය විසින් සිය අයිතිය තහවුරු කරගෙන තිබූ ක්‍රීඩකයින් වීම කැපී පෙනෙයි.

ක්‍රීඩක තෝරා ගැනීමට පෙර කණ්ඩායම් හිමිකාරීත්වය විසින් අයිතිය තහවුරු කරගත් ක්‍රීඩකයින්.

ගෝල් ග්ලැඩියේටර් – මොහොමඩ් හෆීස්, ඉසුරු උදාන, ටබ්‍රේස් ශම්සි, කුසල් මෙන්ඩිස්, මොහොමඩ් අමීර්, සෆ්‍රාස් අහමඩ්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ.

කලම්බු ස්ටාර්ස් – ක්‍රිස් ගේල්, දුෂ්මන්ත චමීර, අහමඩ් ශේසාඩ්, ඩිල්ෂාන් මුණවීර.

ජැෆ්නා කිංග්ස් – ෆෆ් ඩු ප්ලෙසිස්, තිසර පෙරේරා, වහාබ් රියාස්, වනිඳු හසරංග, ශොයෙබ් මලික්, උස්මාන් ශින්වාරි අවිෂ්ක ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ.

කැන්ඩි වොරියර්ස් – රොව්මන් පවෙල්, චරිත් අසලංක, කෙමරන් ඩෙල්පෝර්ට්, ළහිරු කුමාර, අසේල ගුණරත්න, ඉෂාන් ජයරත්න.

දඹුල්ල ජයන්ට්ස් – ඉම්රාන් තහීර්, දසුන් ශානක, රිලී රොසොව්, චාමික කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest