slc
Home   |    News
නොවැම්බර් 30, 2021
වෙල්ලාලගේ වෙහෙස අපතේ යයි

sinhala editor

Chamila Karawita

පන්දුවෙන් පන්දුවට වූ උණුසුම සමඟ දෙපිළටම ජයග්‍රහණය දෝලනය වුණු යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව ලකුණු 25 ක ජයක් වාර්තා කළ එංගලන්ත යෞවනයෝ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙසින් අද (30 දා) පෙරමුණ ගත්හ.

නායක දුනිත් වෙල්ලාලගේ සහ රනුධ සෝමරත්න එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී එක් කරන ලද ලකුණු 102 ක සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට අවසන් පන්දු 24 දී ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවැතියේ ලකුණු 25 ක් පමණි. ඒ වන විටත් වෙල්ලාලගේ සමඟ අර්ධ ශතක සම්බන්ධතාවක් පැවැත්වූ රනුධ සෝමරත්න කඩුල්ලේ රැඳී සිටියේය.

තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා පිල සතු වුවත් සියල්ල කණ පිට පෙරළුණේ ජොෂුවා බෝයිඩ්න් යැවූ තරගයේ 47 වැනි පන්දුවාරයයි. පළමු පන්දුවෙන්ම රනුධ සෝමරත්න දවා ගත් බෝයිඩ්න්, පස්වැනි පන්දුවේදී මල්ෂ තරුපතිද හයවැනි පන්දුවේදී විනුජ රනුපුල්ගේ කඩුලු දවා ගනිමින් එතෙක් වෙලා ශ්‍රී ලංකාව සතු තරගයේ සමස්ථ වාසිය එංගලන්ත පිල වෙත ලබා දුන්නේය. එම දක්ෂතාවය ප්‍රධාන කොට බෝයිඩ්න් සිය පන්දු යැවීම පනදුවාර 6 දී ලකුණු 27 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් කර ගත්තේය. ඊට අමතරව ජොෂ් බේකර්, ටොම් ප්‍රෙස්ට් සහ රෙහාන් අහමඩ් කඩුලු 2 බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අසීරුවට පත් කළහ. මොවුන් තිදෙනාගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 5ම ලකුණු 90 කදී බිඳ වැටිණ.

තරගය පරාජයට පත් වුවද දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ සටන්කාමී තරග විලාශය කැපී පෙනුණි. ජයග්‍රහණය සඳහා ලකුණු 243 ක ඉලක්කයක් හඹා යෑමේදී එහි පුරෝගාමියා බවට පත් වුණු නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 68 කදී ලකුණු 68 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. අයහපත් කාලගුණයේ බලපෑම කොයි මොහොතේ හෝ තරගය බලපාවි යැයි බලාපොරොත්තුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ 20 වැනි පන්දුවාරයේ සිට 36 වැනි පන්දුවාරය දක්වාම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පසුපසින් සිටියේය.

එහෙත් අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වුණු වෙල්ලාලගේ 38 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට රැගෙන ආවේය. ඔහුට අනගි සහායක් ලබා දුන් රනුධ සෝමරත්න පන්දු 73 කදී ලකුණු 57 ක් ලබා ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙසින් දැවී ගියේය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ වෙල්ලාලගේ ලකුණු 30 කට ප්‍රතිවාදී පිතිකරුවන් 5 දෙනෙකුම දවා ගැනීමට සමත්වූවේය. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපෙළින් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් 6 දෙනාම ලකුණු 22 සීමාව ඉක්මවා ලමින් ලකුණු රැස් කර ගත් නමුත්, ඉනිමේ අවසන් භාගයේදී නායක වෙල්ලාලගේ කඩුලු දවා ගැනීමට සමත්වීඹ නිසා ඔවුනට පහසුවෙන්ම ලකුණු 275 සීමාව කරා යෑමට තිබූ අවස්ථාව මඟ හැරිණ. දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය දෙසැම්බර් 03 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest