slc
Home   |    News
නොවැම්බර් 5, 2021
ශ්‍රී ලංකාවට එන කොදෙව් පිලට අලුත් මුහුණක්

sinhala editor

ශ්‍රී ලංකාවට එරෙහිව නොවැම්බර් මස 21 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නවක ක්‍රීඩකයකු වන ජෙරම් සොලොසනෝව එක් කිරීමට රට තේරීම් වලදී පියවර ගෙන තිබේ. වමතින් පිත්ත හසුරුවන සොලොසනෝ ආරම්භක පිතිකරුවෙකි.

2014 වසරේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමද නියෝජනය කිරීමට වරම් ලද සොලොසනෝ මෙම තරගාවලියට පෙර ඇන්ටිගුවාහි පැවැති දෙවැනි පුහුණු තරගයේදී පන්දු 216 කට මුහුණ දෙමින් ලකුණු 74 ක් ලබා ගැනීමට සමත්වී තිබේ. එම තරගයේදී ඔහු පෙන්වන ලද ඉවසීම සහ සන්සුන්තාවය ප්‍රධාන කොට ශ්‍රී ලංකාවට එරෙහි අවසන් 15 දෙනා අතර ස්ථානයක් වෙන්කර දීමට එරට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

මීට අමතරව අවසන් වතාවට 2015 වසරේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර දඟ පන්දු යවන වීරසාමි පෙරුමාල්වද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එක් කර තිබේ. ඔහු දඟ පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක්ව සිටින රකීම් කෝන්වෝල් සම ජොමෙල් වොරිකන් සමඟ කටයුතු කරනු ඇත. ක්‍රේග් බ්‍රැත්වයිට්ගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායම අවසන් වතාවට බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිල මෙම මස 11 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගයට 21 වැනිදා සහභාගිවනු ඇත. ඊට පෙර ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙපිළ බෙදී පවත්වනු ලබන සිව්දින පුහුණු තරගයකටද සහභාගිවීමට නියමිතය. ජෛව බුබුලු පරිසරයක් යටතේ පවත්වනු ලබන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – ක්‍රෙග් බ්‍රැත්වයිට් (නායක), ජෙරමින් බ්ලැක්වුඩ් (උප නායක), කෘමා බොනර්, රොස්ටන් චේස්, රකීම් කෝන්වෝල්, ජෂුවා ද සිල්වා, ශෙනන් ගේබ්‍රියල්, ජේසන් හෝල්ඩර්, ෂායි හෝප්, කයිල් මේයර්ස්, වීරසාමී පෙරුමාල්. කෙමාර් රෝච්, ජේඩ්න් සීල්ස්, ජෙරම් සොලොසානෝ. ජොමෙල් වොරිකන්.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest