slc
Home   |    News
නොවැම්බර් 22, 2021
සෙනසුරාදා කණ්ඩායම් පහකට පහසු ජයග්‍රහණ

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (20) පැවැති තවත් තරග පහකදී කණ්ඩායම් පහක් පහසු ජයග්‍රහණ අත්කර ගත්හ.

එන්.සී.සී ලකුණු 168කින් නාවික හමුදාව පරාජකරමින්ද සෙබස්ටියනයිට්ස් කඩුලු හතරකින් ගාල්ල පරාජයට පත්කරමින්ද පොලීසිය කඩුලු පහකින් පානදුර පරාජය කරමින්ද කෝල්ට්ස් ලකුණු 56කින් බදුරලිය පැරදවීමෙන්ද හලාවත මේරියන්ස් ලකුණු 65කින් ඒස් කැපිටල් පරාජය කරමින්ද මේ ජයග්‍රහණ අත්කර ගත්හ.

එන්.සී.සී – නාවික හමුදාව

එන්.සී.සී.ලකුණු 168කින් ජයගනී

එන්.සී.සී.ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී එන්.සී.සී.කණ්ඩායමේ සහන්ආරච්චිගේ ලකුණු 62යි (පන්දු 44යි හතරේ පහයි හයේ තුනයි) සහ අහන් වික්‍රමසිංහ ලකුණු 60යි (පන්දු 56යි හතරේ 2යි හයේ 2යි) අර්ධ ශතක ලැබූ අතර අෂේන් ඩැනියෙල් ලකුණු 20කට නාවික හමුදා පිතිකරුවන් පස්දෙනෙකුම දවාලීය.

නාවික හමුදාවේ අනුක් ප්‍රනාන්දු (26) පමණක් ලකුණු විස්ස ඉක්මවීය.

එන්.සී.සී පන්දුවාර 50දී කඩුලු 8ට 256යි – (සහන් ආරච්චිගේ 62, අහන් වික්‍රමසිංහ 60, කවීන් බණ්ඩාර 43, ළහිරු උදාර 39, ධම්මික ප්‍රසාද් 34/2 )

නාවික හමුදාව පන්දු වාර 32.4කදී 88යි – (අනුක් ප්‍රනාන්දු 26, තුෂාර සමරකෝන් 13, අෂේන් ඩැනියෙල් 20/5, චතුරංග ද සිල්වා 8/2යි)

ගාල්ල – සෙබස්ටියනයිට්ස්

සෙබස්ටියනයිට්ස් කඩුලු 4කින් ජයගනී.

ගාල්ල ලබාගත් ලකුණු 163 හඹායද්දී සෙබස්ටියනයිට් කණ්ඩායමේ පිතිකරුවන් පහක්ම ලකුණු 28කට දැවී ඔවුන් අසීරු තත්ත්වයක පසුවිය. මේ අවස්ථාවේ තරුෂ ප්‍රනාන්දු නොදැවී ලකුණු 75ක්ද (පන්දු 88යි හතරේ 2යි හයේ 4යි) සචිත ජයතිලක නොදැවී 28ක්ද (පන්දු 49යි හයේ 2යි) සහ ශාලිත පුස්සෙගොල්ල ලකුණු 26ක්ද ලබා තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

තරුෂ සහ සචිත හත්වන කඩුල්ල නොදැවී ලකුණු 67ක් රැස්කළේ පන්දු වාර 13.5ක් තුළදීය.

ගාල්ල පන්දු වාර 45කදී කඩුලු 9ට 163 – (ලිසුල ලක්ෂාන් 34, දිල්ෂාන් කාංචන 30, රජිත ප්‍රියන් 18, යශෝධ ලංකා 21, චාමිකර එදිරිසිංහ 24/3, සචිත ජයතිලක 34/2යි)

සෙබස්ටියනයිට්ස් පන්දු වාර 41.3කදී කඩුලු 6ට 164යි – (තරුෂ ප්‍රනාන්දු නොදැවී 75, සචිත ජයතිලක නොදැවී 28 , ශාලිත පුස්සෙගොල්ල 26, හරින් බුද්දිල 22/2, රජිත් ප්‍රියාන් 41/2)

පානදුර – පොලීසිය

පොලීසිය කඩුලු පහකින් ජයගනී.

පොලීසියේ මධුරංග ද සොයිසා ලකුණු 57ක්ද (පන්දු 67යි හතරේ 2යි හයේ තුනයි) සහ අසේල සිගේරා ලකුණු 30කට කඩුලු හතරක් දවා දස්කම් දැක්වූහ.

පොලීසියේ මධුරංග සොයිසා සහ තිලකරත්න සම්පත් පළමු කඩුල්ලට පන්දුවාර 13කදී ලකුණු 64ක් රැස්කරමින් තම කණ්ඩායමට ප්‍රබල ආරම්භයක් ලබා දුන්හ.

පානදුර පන්දුවාර 44.3කදී 170යි – (ෂානුක දුලාජ් 64, නිමත පීරිස් 21, දුනිත් ජයතුංග 15, අසේල සිගේරා 30/4යි, නලින් ප්‍රියදර්ශණ 22/2යි නිසල තාරක 24/2යි)

පොලීසිය පන්දු වාර 34.2කදී කඩුලු 5ට 171යි – (මධුරංග සොයිසා 51, අෂේන් බණ්ඩාර 30, තිලකරත්න සම්පත් 29, චාමර සිල්වා 24, නිමේෂ් විමුක්ති 33/2, සංජය චතුරංග 35/2යි)

කෝල්ට්ස් – බදුරලිය

කෝල්ට්ස් ලකුණු 56කින් ජයගනී.

මුදිත ලක්ෂාන් කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් මේ තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය. කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ශී ලංකා ක්‍රීඩක අකිල ධනංජය මෙදින ලකුණු 21කට කඩුලු හතරක් දවාලීය.

මේ තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කෝල්ට්ස් පන්දුවාර 48.2කදී 167යි – (මිෂාඩ් රන්දික 24, ජෙහාන් ඩැනියෙල් 18, සංගීත් කුරේ 17, ජීවන් මෙන්ඩිස් 40/3, රුචිර කෝසිත 17/2යි)

බදුරලිය පන්දුවාර 42.1කදී සියල්ල දැවී 111යි – (බුද්ධික සංජීව 33, මිතිර තෙනුර 22, අකිල ධනංජය 21/4යි,මුදිත ලක්ෂාන් 32/2)

ඒස්කැපිටල් – හලාවත මේරියන්ස්

හලාවත මේරියන්ස් ලකුණු 65කින් ජයගනී.

කටුනායකදී පැවැති මේ තරගයේදී හලාවත මේරියන්ස් ජයගත්තේ ලකුණු 65කිනි. මේරියන්ස් කණ්ඩායමේ පුලින තරංග පන්දු 56කදී හතරේ පහක් සමඟ ලකුණු 55ක් රැස්කරමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

මේරියන්ස් කණ්ඩායමේ තීක්ෂල ද සිල්වා, අවිඳු තීක්ෂණ සහ කසුන් විරංග පන්දු යැවීමේදී දක්ෂතා දැක්වූහ.

හලාවත මේරියන්ස් පන්දුවාර 37.4කදී 169යි – (පුලින තරංග 55, විශ්ව චතුරංග 33, අවිඳු තීක්ෂණ 32, චාමික කොමසාරු 20/4, ඉරෝෂ් සමරසූරිය 20/2, රොෂාන් ජයතිස්ස 33/3)

ඒස්කැපිටල් පන්දුවාර 32කදී සියල්ල දැවී 104යි – (ජනක් ප්‍රකාශ් 24, ප්‍රමෝද් හෙට්ටිවත්ත 15, කසුන් අබේරත්න 13, තීක්ෂිල ද සිල්වා 24/3, අවිඳු තීක්ෂණ 12/2, කසුන් චිරංග 16/2)

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest