slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2021
LPL ජාත්‍යන්තර විකාශන අයිතිය ‘සෝනි’ ආයතනයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2021 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ගෝලීය විකාශනය අයිතිය ක්‍රීඩා විකාශනායතන අතර දැවැන්තම ආයතනයක් වන ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් (Sony Pictures Networks India) ආයතනය හිමිකරගෙන සිටියි. ඒ අනුව සෝනි පික්චර්ස් නෙට්වර්ක් ආයතනය එල්.පී.එල්. තරගාවලියේ නිල විකාශන සහකරුවා ලෙස පැමිණෙන්නේ පිට පිටම දෙවැනි වතාවට වේ.

දෙසැම්බර් මස 05 වැනිදා සිට දෙසැම්බර් මස 23 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධාන කටයුතු භාරව සිටින අයි.පී.ජී. ආයතනය සමඟ ගිවිසුම් ගතව සිටින එම ආයතනය රූපවාහිනී විකාශනයට අමතරව ඩිජිටල් සම්ප්‍රේෂණ බෙදා හැරීමේ අයිතියද ලබා ගෙන තිබේ. ඒ අනුව මෙවර එල්.පී.එල්. තරගාවලියේ සියලුම තරග Sony Six සහ Sony Ten 2 නාලිකා හරහා විකාශනය කෙරෙනු ඇත.

විකාශන අයිතිය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වා සිටින සෝනි පික්චර්ස් නෙට්වර්ක්හි ප්‍රදාන ආදායම් නිලධාරී, බෙදාහැරීම් සහ ක්‍රීඩා ව්‍යාපාර අංශයේ ප්‍රධානී රාජේෂ් කෞල් සඳහන් කර සිටියේ, ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වන රුචිය අති විශාල වන බැවින් එම ප්‍රේක්ෂකයින් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රියාකාරකම් රැගෙන යෑම සිය ව්‍යාපාරික අරමුණ වන බවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් සෑම විටම ලෝක මට්ටමේ ක්‍රීඩකයින් රැසක් බිහි කර තිබෙන අතර මෙවර තරගාවලියට ලොව විස්සයි-20 තරග අංශයේ ප්‍රබල ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල් සහ ෆෆ් ඩු ප්ලෙසිස් ඇතුළත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තව තවත් වර්ධනයට සහ ජනප්‍රියත්වයට හේතු වනු ඇත. විස්සයි-20 තරග රටාවට ප්‍රේක්ෂකයින් වැඩි සංඛ්‍යාවක් එක් රොක් වන බැවින්, ඔවුන් කිසිවකුවත් අපේ නාළිකාවල විකාශනය වන තරග මඟ හැර නොයෑමට වග බලා ගැනීමට අපට අවශ්‍යයි” යනුවෙන් කෞල් මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියි.

2020 වසරේ නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්වන ලද ලංකා ප්‍රිමියර් ලීග් පළමු තරගාවලියේ ප්‍රගති සමාලෝචන වාර්තාවට අනුව ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය, ඩිජිටල්  මාධ්‍ය ජාලා ඔස්සේ එය ලොව පුරා වෙසෙන මිලියන 557 ක ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්විය. ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරන ලද  My11Circle ආයතනයේ සන්නාමයට ලැබුණු මාධ්‍ය ආවරණයේ අගය මිලියන 54.5 ක අගයකි. එම අගැයුම් වාර්තාවට අනුව පළමු තරගාවලියේ ශූරතාව දිනාගත් යාපනය කණ්ඩායමට ඩොලර් මිලියන 3.98 ක මාධ්‍ය ආවරණ වටිනාමක්ද, ගෝල් ග්ලැඩියේටර්ස් පිල ඩොලර් මිලියන 3.82 ක්ද, දඹුල්ල පිල ඩොලර් මිලියන 3.54 ක් ද, කලම්බු කිංග්ස් පිල ඩොලර් මිලියන 3.44 ක්ද සහ මහනුවර කණ්ඩායම ඩොලර් මිලියන 3.19 ක වටිනා කමකින් යුත් මාධ්‍ය ආවරණ වටිනාකමක් ලබාගැනීමට සමත්ව සිටිති.

අභිනව තරගාවලියේ විකාශන කටයුතු Sky Sports, Sony Sports Network, Geo, PTV, සහ ශ්‍රී ලංකාවේ Willow ටීවී හරහා ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල මිලියන 155 ක ජනතාවට නැරඹීමට අවස්ථාව හිමිවිය. එපමණක් නොව සමාජ මාධ්‍යයන් තුළ එය මිලියන 218 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා ඇත.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee