slc
Home   |    News
නොවැම්බර් 2, 2021
LPL දෙවැන්නේ ‘වෙන්දේසියට’ 600 ක් සුදුස්සෝ වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභිමානයෙන් යුතුව දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2021 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් කෙටුම්පත් කිරීම  (Player draft) මෙම නොවැම්බර් මස 05 වැනිදා පැවැත්වීමට නියමිතය.

අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් පහේ හිමිකරුවන්, පුහුණුකරුවන්, හෝ කණ්ඩායම් හිමිකාරීත්වය විසින් නම් කරනු ලබන පිරිසක් විසින් එම ක්‍රීඩක තෝරා ගැනීම සිදුකරනු ඇත.

ඒ අනුව මෙවර තරගාවලියේ විදේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකු වශයෙන් සමස්ථ ක්‍රීඩකයින් 600 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. මෙය ඉකුත් වසර හා සංසන්දනය කරන විට ක්‍රීඩකයින් 165 දෙනෙකුගේ වැඩිවීමකි.  එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 දෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකාරීත්වයට හිමිවන බැවින් කණ්ඩායම තේරීම වට 20 කින් සමන්විත වනු ඇත.

මෙවර තරගාවලියේදී ප්‍රධාන වශයෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීම ප්‍රධාන කාණ්ඩ 6 ක් යටතේ සිදුකෙරෙනු ඇත. එහි ප්‍රධානම කාණ්ඩය වන්නේ සන්නාම (Icon Player) ක්‍රීඩකයාගේ කාණ්ඩය වේ. ඒ යටතේ විදේස් ක්‍රීඩකයකුට සහ දේශීය ක්‍රීඩකයකුට (Local and Overseas) අවස්ථාව හිමිවේ. සෙසු ප්‍රධාන කාණ්ඩ වන්නේ ඩයමන්ඩ් (Diamond Player), ගෝල්ඩ් (Gold Player) සහ ක්ලැසික් (Classic Player) යන කාණ්ඩ වන අතර ඒ සෑම කාණ්ඩයක් යටතේම දේශීය ක්‍රීඩකයකු සහ විදේශීය ක්‍රීඩකයකු එක්කර ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකාරීත්වයට හිමිවනු ඇත. ඊට අමතරව මෙරට දේශීය තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා තෝරා ගැනීම වෙනුවෙන් දේශීය නැගී (Local Emerging) එන සහ දේශීය පරිපූරක (Supplementary Local) වශයෙන් තවත් කාණ්ඩ දෙකක් මෙවර ක්‍රීඩක කෙටුම්පතට එක් කර තිබේ.

ඒ අනුව කණ්ඩායමකට ඇතුළත් වන ක්‍රීඩකයින් 20 දෙනාගෙන් 14 දෙනෙකු දේශීය ක්‍රීඩකයින් ද හය දෙනෙකු විදේශීය ක්‍රීඩකයින් වශයෙන් විය යුතුය. කිසියම් කණ්ඩායමකට පෙර වසරේ සංචිතයේ පසුවූ ක්‍රීඩකයින් රඳවා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ක්‍රීඩකයින් 8 දෙනෙකු රඳවා ගැනීමේ අවස්ථාව හිමිවන අතර ඉතිරිය ක්‍රීඩක කෙටුම්පත් කිරීම හරහා තෝරා ගත යුතු වේ.

දෙසැම්බර් මස 05 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි තරගාවලියේ මූලික වටයේ තරග 20 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest