slc
Home   |    News
දෙසැම්බර් 2, 2021
කොදෙව්වෝ පෙරමුණට එති

sinhala editor

ලකුණු 49 ක පළමු ඉනිමේ වාසියක් අත්කර ගත් කොදෙව් කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සතු හොඳම පිතිකරුවා වන නායක දිමුත් කරුණාරත්නගේ කඩුල්ල දවා ගනිමින් තරගයේ සැලකිය යුතු වාසියක් අත්කර ගැනීමට සමත්ව සිටියේය.

සෝබර්ස් – තිසේරා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේදී දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 2 ක් දැවී ලකුණු 46 ක් ලබා කොදෙව් පිලට වඩා ලකුණු 03 ක් පිටුපසින් සිටියේය. දිමුත්ට අමතරව ඊයේ දිනයේ දැවී ගිය අනෙක් පිතිකරුවා වූයේ ඕෂද ප්‍රනාන්දු විය. නායකයා ලකුණු 06 ක් ද ඕෂද ලකුණු 14 ක්ද ලබා සිටියදී දැවී ගියේ දුවද්දී දැවී යෑම් ලෙසිනි.

මෙතෙක් පැවැති ඉනිම 3 දීම සැලකිය යුතු මට්ටමේ බරක් ඇදි පිතිකරුවා බවට පත්වූ දිමුත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම ශ්‍රී ලංකාවට දරාගත නොහැකි පාඩුවකි. කෙසේ වෙතත් දෙවැනි පිතිකරුවාත් දුවද්දී දවා ගැනීමට හැකියාව ලැබීම කොදෙව් පිලේ ආත්ම විශ්වාසය ඉහළ යන්නකට බවට පත්ව තිබේ. පැතුම් නිස්ංසක පන්දු 53 කදී ලකුණු 21 ක්ද චරිත් අසලංක පන්දු 22 කදී ලකුණු 4 ක්ද ලබා සිව්වැනි දිනටත් පන්දුවට පහරදීමේ අවස්ථාව උදා කරගෙන සිටිති.

තෙවැනි දිනයේ දිවා ආහාරයෙන් පසුවත් කොදෙව් පිල විශ්වාසයකින් යුතුව ලකුණු රැස් කළේය. එහෙත් දෙවැනි නව පන්දුව ලබා ගැනීමත් සමඟ නැවතත් දක්ෂතා වලට අවතීර්ණ වුණු රමේෂ් මෙන්ඩිස් ලකුණු 70 කට කඩුලු 6 ක් දවා ගනිමින් සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගත්තේය. ඔහුට සහයෝගයක් දුන් ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 59 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් බ්‍රැත්වයිට් ලකුණු 72 ක් ලබා ගත්තේය. බ්‍රැත්වයිට් සහ බෝනාර් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැංවුණු සම්බන්ධතාවය ලකුණු 75 කි.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest