slc
logo
Home   |    News
දෙසැම්බර් 8, 2021
‘ජයන්ට්ස්’ හමුවේ ‘ස්ටාර්ස්’ ලකුණු 18 කින් පරදියි

sinhala editor

By Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් 2021 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කොට පහසු ජයක් අපේක්ෂාවෙන් පන්දු යැවීමේ කාර්යය සඳහා දඹුල්ල ජයන්ස්ට් පිල පැමිණියද ධෛර්යවන්තව පිති හැසිරවීම හේතුවෙන් ජයග්‍රහණයේ සමීපයට හෙවත් ලකුණු 18 ක් දක්වා වූ අඩු අගයකට ජයග්‍රාහී පරතරය අවම කර ගැනීමට කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ අද (08 දා) සමත්වූහ.

දින 2 කට පෙර ලකුණු 190 ක් ලබා ගනිමින් වැඩිම ලකුණු වාර්තා කරන ලද කණ්ඩායම බවට පත්වූ දඹුල්ල ජයන්ස්ට් කණ්ඩායම අද දිනයේදී එය ලකුණු 195 ක් දක්වා ඉහළට රැගෙන ගියේ කඩුලු 6 ක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. මෙවර තරග වාරයේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් වූ ලකුණු 196 ක ඉලක්කය හඹා යෑමේදී සටන අත් නොහළ කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ 19 වැනි පන්දුවාරය තෙක් තරගය රැගෙන ගියෝය. වැඩි වගකීමක් හිමි පිතිකරුවන් සිය කඩුලු නිස්කාරණේ ලබා නොදෙන්නට මීට වඩා තරගයක් ලබා දීමට කලම්බු ස්ටාර්ස් පිලට හොඳින්ම අවකාශ තිබිණ.

චාමික කරුණාරත්න විසින් ක්‍රියාත්මක කරන ලද 19 වැනි පන්දුවාරයේ පස්වැනි  පන්දුවකට ඉනිමේ අවසන් පිතිකරුවා වූ දුෂ්මන්ත චමීර දැවී යන විට කලම්බු ස්ටාර්ස් ලකුණු පුවරුව ලකුණු 177 කින් ලෙසින් සටහන්වි තිබිණ. ඉලක්කය හඹා යෑමේදී පැතුම් නිස්සංක, ෂෙර්ෆන් රදර්ෆර්ඩ් සහ නවීන් උල්හක් ලකුණු 07 ක් ඇතුළත දැවී යෑම කලම්බු පිලට දැඩි පාඩුවක් ගෙන දුන්නේය.

වේගවත් ආරම්භයක් ලබා දුන් ටොම් බෙනන් පන්දු 14 කදී  ලකුණු 23 ක්ද ඔහු දැවී යෑමෙන් පසු පිටියට පිවිසි කුසල් පෙරේරා හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 11 කදී වේගවත් ලකුණු 20 ක්ද රැස් කිරීමට සමත්වූ නිසා පස්වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු 52 ක් රැස් කර ගැනීමට කලම්බු ස්ටාර්ස් පිල සමත්විය. එහෙත් ඒ වෙද්දී වේගයෙන් ලකුණු රැස් කරන ලද පිතිකරුවන් යුගලයම තරිඳු රත්නායක සහ ඉම්රාන් තහීර් විසින් දවා ගැනීමට සමත්වූහ.

ලකුණු 71 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් ව තිබූ ලකුණු පුවරුව එක් වරම් ලකුණු 78 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් වූ අවස්ථාවේ පිටියට එක්වූ නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් කඩා වැටුණු ඉනිම ගොඩ ගැනීමේ කාර්යය සිදු කළහ. එහෙත් කඩුලු 3 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූ නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ධනංජය දැවී ගියේය. 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය එසේ නිමාවද්දී පසු පෙළ පිතිකරුවන් තරගය යළි මාවතට රැගෙන ඒමට දැඩි වෙහෙසක් ගත් නමුත් ඒ සඳහා වන පරිණත භාවය ඔවුන් සතු නොවීය.

පළමු තරගයේදී පන්දු 21 කදී ලකුණු 50 ක් ලබා ගනිමින් වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී පිල් සෝල්ට් අද දිනයේදී යළිත් පන්දු 22 කදී ලකුණු 50 ක් රැස් කර ගත්තේය. පිල්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 75 රැස් කර ගැනීමට දඹුල්ල ජයන්ස්ට් අවස්ථාව හිමිවිය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ පිල් දැවී යන විට ප්දු 34 කදී ලකුණු 62 ක් ලබා සිටියේය.

11 වැනි පන්දුවාරයේදී සෝල්ට් පිටියෙන් ඉවත් වන විට දඹුල්ල ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 100 ක් ලෙසින් සනිටුහන්විය. ලකුණු 200 ආසන්නය කරා පැමිණීමට අවස්ථාව උදාවූයේ නායක දසුන් ශානක සහ නජිබුල්ලා සද්‍රාන් එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී රැස් කරන ලද ලකුණු 77 ක සම්බන්ධතාවයයි. ඒ වෙනුවෙන් ලකුණු ලබා ගැනීම වේගවත් කළ නායක දසුන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 25 කදී ලකුණු 38 ක් ද සද්‍රාන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 40 කදී ලකුණු 54 ක්ද රැස් කළහ.

තරගයේ වීරයා – පිල් සෝල්ට්

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 195 යි – (පිල් සෝල්ට් 62, නජිබුල්ලා සද්‍රාන් 54, දසුන් ශානක 38, නිරෝෂන් දික්වැල්ල 17, චාමික කරුණාරත්න 12*, දුෂ්මන්ත චමීර 34/3, කීමා පෝල් 48/1, අකිල ධනංජය 38/1, සීකුගේ ප්‍රසන්න 21/1)

කලම්බු කිංග්ස් පන්දුවාර 18.5 කදී සියලු දෙනා දැවී ලකුණු 177 යි – (ටොමි බෙන්ටන් 23, කුසල් පෙරේරා 20, ෂෙර්ෆන් රදර්ෆර්ඩ් 16, දිනේෂ් චන්දිමාල් 26, ධනංජය ද සිල්වා 21, කීමා පෝල් 11, සීකුගේ ප්‍රසන්න 17, දුෂ්මන්ත චමීර 15, නුවන් ප්‍රදීප් 50/3, චාමික කරුණාරත්න 46/2, තරිඳු රත්නායක 17/2, ඉම්රාන් තහීර් 36/2, රමේෂ් මෙන්ඩිස් 26/1)        

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee