slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2021
දඹුල්ල – ගාල්ල අතර තරගය වැස්සට යට වෙයි

sinhala editor

By Chamila Karawita

දෙවැනි වරට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ ප්‍රතිඵල රහිත වූ පළමු තරගය බවට දඹුල්ල ජයන්ට්ස් සහ ගෝල් ග්ලැඩියේටර් අතර තරගය පත්විය. එල්.පී.එල්. 2021 තරගාවලියේ 8 වැනි තරගය ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කර දමන විට ලකුණු 160 ක ඉලක්කයක් හඹා යමින් සිටි ගොල් ග්ලැඩියේටර් කණ්ඩායම පන්දුවාර 1යි පන්දු 2 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 18 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් රැස් කර ගත්තේය. ආරම්භය තරමක් මන්ද ගාමී වුවත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නායක දසුන් ශානක සහ රමේෂ් මෙන්ඩිස් එක්ව ගොඩ නංවන ලද ලකුණු 45 ක සම්බන්ධතාව නිසා සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට දඹුල්ල ජයන්ට්ස් අවස්ථාව උදාවිය.

දඹුල්ල පිලේ ලකුණු අතර සිටින ආරම්භක පිතිකරු පිල් සෝල්ට් ලකුණු 20 කදී දවා ගැනීමට නුවන් තුෂාර සමත්විය. අනතුරුව මුණවීරට (12) එක්වූ නිරෝෂන් දික්වැල්ල (30) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක් එක් කරමින් ඉනිම ගොඩ නැංවීමට සමත් වුවත් ලකුණු 18 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගැනීමට ගෝල් ග්ලැඩියේටර් පන්දු යවන්නන් සමත්වීම නිසා දඹුල්ල ඉනිමේ මැද භාගයේ ලකුණු රැස්කිරීම මන්දගාමී විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක දසුන් ශානක වන අතර ඔහු පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 37 ක් රැස් කළේය. වේගවත් ඉනිමක් දියත් කළ රමේෂ් මෙන්ඩිස් පන්දු 23 කදී ලකුණු 33 ක් රැස් කළේය. නොබිඳුණු ඉනිමක් බව ටපත්වූ රමේෂ් සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් වර්ණව්ත කර ගත්තේය. දසුන්ගේ නික්ම යෑමෙන් පසු පිටියට පිවිසි චාමික කරුණාරත්න පන්දු 5 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟ වේගව් ලකුණු 13 ක් රැස් කරමින් දඹුල්ල ඉනිම පෝෂණය කළේය.

පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 2 ක් සහ නූර් අහමඩ් කඩුලු 2 ක් බිඳ හෙළද්දී සමිත් පටෙල්, ධනංජය ලක්ෂාන් සහ මොහොමඩ් හෆීස් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ස්ට් පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 159 යි – (දසුන් ශානක 37, රමේෂ් මෙන්ඩිස් 33*, චාමික කරුණාරත්න 13, ඩිල්ෂාන් මුණවීර 12, නිරෝෂන් දික්වැල්ල 30, පිල් සෝල්ට් 20, නුවන් තුෂාර 24/2, නූර් අහමඩ් 24/1, ධනංය ලක්ෂාන් 40/1, මොහොමඩ් හෆීස් 18/1)

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 1.2 කදී කිසිවකු නොදැවී ලකුණු 18 යි – (කුසල් මෙන්ඩිස් 15*, ධනුෂ්ක ගුණතිලක 03*)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar