slc
Home   |    News
දෙසැම්බර් 13, 2021
නව පන්දුවෙන් පන්දු යැවීම ගැන තීක්ෂණ කතා කරයි

Sri Lanka Cricket

අලුත්ම පන්දුව හොඳින් දඟ කවමින් ඉනිම ආරම්භයේ ආරම්භක පන්දු යවන්නා ලෙස තමා සාර්ථක වී ඇත්තේ ඒ අයුරින් පන්දු යැවීමට කළක සිටම මනා පුහුණුවක් ලබා සිටීම මතයැයි ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ සමාරම්භක පන්දු යවන්නා වන 21 හැවිරිදි මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කරයි.

මහීෂ් තීක්ෂණ මේ අදහස් පළකලේ ජැෆ්නා කින්ග්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර තරගයේදී කඩුලු තුනක් දවාලමින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමෙන් පසු ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමඟ පැවැති සාකච්ඡාවකදීය. එම තරගයේදී තීක්ෂණ මේ තරගාවලියේ අර්ධ ශතක ලාභී ප්‍රහාරාත්මක පිතිකරුවකු වන පිල් සෝල්ට් සහ දසුන් ශානක ලකුණු 13 බැගින් ලබා සිටින විටත් ප්‍රබල පිතිකරු  නජිබුල්ලා සද්‍රාන්ව ලකුණු ලබා ගැනීමට පෙරම දවාලූවේ තම පන්දුවාර හතර තුළ ලකුණු 22කට කඩුලු තුනක් සටහන් කර ගනිමිනි.

මේ තරගාවලියේ දී තමාව කණ්ඩායමේ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගෙන්ම උපදෙස් නිරන්තරයෙන්ම ලැබුණු බව කී මහීෂ් තීක්ෂණ ඒ අතුරින් විදේශීය ක්‍රීඩකයෙකු වන පාකිස්තානයේ හිටපු නායක ෂොයිබ් මලික්ගේ ගුරුහරුකම් තමා අගය කරන බවද සඳහන් කර සිටියේය.

තරගය ආරම්භයේදීම කඩුල්ලක් හෝ දෙකක් දවාගත් පසු එම පීඩනය දිගටම පවත්වා ගෙන යාමට අපි හොඳින් සැළසුම් කරන බව කී තීක්ෂන බොහෝ අවස්ථාවන්හි එම සැළසුම් සාර්ථක වන්නේ යැයිද කීය.

ඕනෑම කණ්ඩායමකට තරග ජයග්‍රහණය සඳහා සැලසුමක් හොඳින් ක්‍රියාත්මක කිරීම අවශ්‍යම කරුණක් අප නිතර සාර්ථක වීමට ප්‍රධාන සාධකයත් එයයැයි මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කළේය.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest