slc
Home   |    News
දෙසැම්බර් 14, 2021
සීකුගේ ‘විජ්ජාවෙන්’ කලම්බු ස්ටාර්ස්ට ජය

sinhala editor

By Chamila Karawita

මුහුණ දුන් පන්දු 6 න් 5 ක්ම හයේ සීමාවෙන් එහාට යැවූ  සීකුගේ ප්‍රසන්න ‘විජ්ජාවක්’ බඳු පන්දු 6 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 32 ක ඉනිම නිසා පරාජය පෙනි පෙනී තිබුණු තරගයෙන් කැන්ඩි වොරියර්ස් පිලට එරෙහිව කඩුලු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම අද (14 වැනිදා) සමත්විය.

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් 4 ට පැමිණීම වෙනුවෙන් වූ කරට කර සටනේදී ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට අවසන් පන්දු 6 දී ජයග්‍රහණය සඳහා ලකුණු 15 ක් අවශ්‍ය විය. ළහිරු කුමාර විසින් යවන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට මුහුණ දුන් රදර්ෆර්ඩ් පා ලකුණකින් පැති මාරු කරගත් බැවින් සියළු වගකීම් ප්‍රසන්න කර මත පැටවිණි.

ස්ටාර්ස් පිතිකරුවන් මෙල්ල කිරීම වෙනුවෙන් පළමු පන්දුවාර 19 දීම භාවිතා නොකළ ළහිරු කුමාරව අවසන් පන්දුවාරය යැවීම සඳහා වොරියර්ස් නායකයා යොදවා ගත් නමුත් බලාපොරොත්තු වූ යුතුකම ඉටු කිරීමට ඔහුට නොහැකි විය.

තරගය නිමා වීමට පෙර යවන ලද අවසන් පන්දු 3 ට ප්‍රසන්න එල්ල කරන ලද හයේ පහර 3 ළහිරු කුමාරට කිසිදා අමතක නොවනවා නොඅනුමානය. බවුන්සර් පන්දුවක් ලෙසින් පැමිණි පළමු පන්දුව ෆයින් ලෙග් කළාපයට ඉහළින්ද, ඊළඟ පන්දුව ස්කෙවයාර් ලෙග් කළාපයෙන්ද සහ තෙවැනි පන්දුව ලෝන් ඕන් කළාපයට ඉහළින්ද යැවූ ප්‍රසන්න, කැන්ඩි වොරියර්ස් පිල සතුව තිබූ ජයග්‍රහණය කලම්බු කිංග්ස් කණ්ඩායම වෙත රැගෙන ආවේ තවත් පන්දු 2 ක් සහ කඩුලු 5 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබමිනි. කලම්බු ස්ටාර්ස් පිලේ තෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද මේ වන විට සමත්ව සිටියි.

ලකුණු හඹා යෑමේදී ස්ටාර්ස් ඉනිමේ ආරම්භය කිසියම් මන්දගාමී ස්වරූපයක් ගත් අතර පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 28 ක් රැස් කරද්දී කඩුලු 2 ක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වූහ. මෙතෙක් තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් 13 වැනි පන්දුවාරය තෙක් රැඳී සිටියද ප්‍රබල වොරියර්ස් පන්දු යැවීම හමුවේ ඔහුට රැස් කරගත හැකි වූයේ පන්දු 34 කදී ලකුණු 29 ක් පමණි. මෙවර තරගාවලියේදී ලකුණු අතරට පිවිසෙමින් බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටින දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදීද ස්ටාර්ස් ජයග්‍රහණය වෙනුවෙන් වැඩි වගකීමක් ඉටු කළේය. අංක 6 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 27 කදී රැස් කරන ලද වේගවත් ලකුනු 44 ස්ටාර්ස් ජයග්‍රහණයට මහත් දායකත්වයක් ලබා දුන්නේය.

මූලික තරග වටයේ 15 වැනි තරගය ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරුවේ පැවැති මෙම තරගයේදී කැන්ඩි වොරියර්ස් පිල ලකුණු 146 කට  සීමා කිරීමට ස්ටාර්ස් පන්දු යවන්නෝ සමත්වූහ.

කාසියේ වාසියත් සමග පළමු පන්දු යැවීම තෝරා ගනු ලැබුවද කැන්ඩි වොරියර්ස් පිලේ පළමු කඩුල්ල බිඳ දැමීමට 9 වැනි පන්දුවාරය තෙක් බලා සිටීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට සිදුවිය. ඉනිම ඇරැඹි චරිත් අසලංක සහ කෙනාර් ලුවිස් පවර් ප්ලේ පන්දුවාර 6 දී රැස් කරන ලද ලකුණු 61 ත් සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී වේගවත් ලකුණු 77 ක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් දුන්හ.

නවීන් උල් හක් විසින් අසලංකව දවා ගැනීමත් සමඟ තරගයේ පූර්ණ පාලනය ස්ටාර්ස් පන්දු යවන්නෝ නතු කරගත්හ. දුෂ්මන්ත චමීර විසින් යවන ලද අවසන් පන්දුවාරයේදී ලබා දුන් ලකුණු 14 හැරුණු කොට අසලංකගේ දැවී යෑමේ සිට 19 වැනි පන්දුවාරය අවසානය දක්වා වූ පන්දු 65 තුළදී ස්ටාර්ස් පන්දු යවන්නන් විසින් වොරියර්ස් පිතිකරුවන්ට රැස් කර ගැනීමට අවස්ථාව ලබා දී තිබුණේ ලකුණු 55 ක් පමණි. ඒ අතරතුරදී කඩුලු 8 ක් දවා ගැනීමට දුෂ්මන්ත චමීර ප්‍රමුඛ ස්ටාර්ස් පන්දු යවන්නෝ සමත්වූහ.

සුපුරුදු පරිදි දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබෙන ආර්. ප්‍රේමදාස තණතීරුවේදී සිය පිත්තෙන් පිළිතුරු ලබා දුන් කෙනාර් ලුවිස් මුහුණ දුන් 36 වැනි පන්දුවේදී අර්ධ ශතකය ඉක්මවා ගියේය. ඔහුගේ ඉනිම ප්‍රධාන කොට වොරියර්ස් ඉනිමේ ලකුණු 100 පන්දු 69 කදී වාර්තා කර ගැනීමට හැකියාව ලැබුණත් ඊට පසු යවන ලද පන්දු 73 දී පිතිකරුවන් රැස් කරන ලද්දේ ලකුණු 46 ක් පමණි.

අවසන් පන්දුවාරයේ ප්‍රහාරයකට ලක් වුවත් තම පන්දුවාර 4 ලකුණු 35 කට සීමා කළ දුෂ්මන්ත චමීර කඩුලු 4 ක් දවා ගත්තේය. වොරියර්ස් පිල මෙල්ල කර ගැනීම සඳහා පන්දු ස්ටාර්ස් නායකයා කැඳවී සෙසු පන්දු යවන්නන් 5 දෙනාම එක කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

තරගයේ වීරයා – සීකුගේ ප්‍රසන්න

ලකුණු සාරාංශය

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 146 යි (කෙනාර් ලුවිස් 62, චරිත් අසලංක 28, නිමේෂ් විමුක්ති 12, දුෂ්මන්ත චමීර 35/4, අශාන් ප්‍රියන්ජන් 21/1, සීකුගේ ප්‍රසන්න 31/1, රවී රාම්පෝල් 34/1, නවීන් උල් හක් 17/1, ධනංජය ද සිල්වා 04/1)

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 19.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 150 යි – (දිනේෂ් චන්දිමාල් 44, සීකුගේ ප්‍රසන්න 32*, ෂෙර්ෆන් රදර්ෆර්ඩ් 12, අශාන් ප්‍රියන්ජන් 15, තික්ෂිල ද සිල්ව 15, ඇන්ජලෝ මැතිව්ස් 29, නිමේෂ් විමුක්ති 11/2, කමිඳු මෙන්ඩිස් 29/1, සචිඳු කොළමගේ 34/1, චරිත් අසලංක 14/1)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest