slc
logo
Home   |    News
දෙසැම්බර් 30, 2021
ලොව හොඳම විස්සයි-20 ක්‍රීඩකයා අතරට වනිඳුගේ නමත්

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වුන ලබන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ වසරේ විස්සයි-20 ක්‍රීඩකයා තෝරා ගැනීමේ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නමද ඇතුළත්ව තිබේ. ඒ අනුව එම සම්මානය සඳහා, ඔස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ්, පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් සහ එංගලන්තයේ ජොස් බට්ලර් වනිඳු සමඟ එම සම්මානය සඳහා තරග කරන සෙසු ක්‍රීඩකයෝ වෙති.

2021 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා වූ කාලය ඇතුළත ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ දක්වන ලද දක්ෂතා මත පදනම්ව මෙම සම්මානය ලබා දීමට නියමිතය. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කඩුලු 16 ක් ලබා ගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමත් සමඟ මෙම වසරේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් වනිඳු හසරංග අන්තර්ජාතක විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේද පළමු ස්ථානයට පැමිණීමට සමත්වූවේය. හේ තරග 20 කදී කඩුලු 36 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 11.63 ක් රඳවා ගනිමිනි. පන්දුවට අමතරව පිත්තෙන්ද දක්ෂතා දක්වා ඇති හසරංග අර්ධ ශතකයක් සමඟ ලකුණු 196 ක් ලබා සිටියි.

Active filters

Recent Posts

  • ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
    තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති වුවද එළැඹෙන ජුනි මසදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වමතින් දඟ […]
  • අවු. 23 න් පහළ බාළිකා විස්සයි-20 සුපර් ලීග් තරගාවලිය 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන්ගේ විස්සයි-20 ජාතික සුපර් ලීග් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම […]
  • ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලට ‘Amul’ සවිය වෙයි
    ලබන ජුනි මසදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජාත්‍යන්තර නාමයක් සහිත ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදනායතනයක් […]
  • දසුන් සහ බිනුරගේ දක්ෂතා නිසා රෙඩ්ස් පිලට ජය
    ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියේ මැයි 08 වැනිදා පැවැති රෙඩ් සහ […]
  • පස්වන එක්දින තරගයේ ජයත් ඇෆ්ගනිස්තානයට
      ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පස්වන සහ අවසාන එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් අත්කර ගැනීමට අද (07) ඇෆ්ගනිස්තාන […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee