slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2021
අවසන් 4ට එන්න ‘ස්ටාර්ස්’ සහ ‘වොරියර්ස්’ අතර සටනක්

sinhala editor

By Chamila Karawita

දෙවැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් 2021 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අවසාන කණ්ඩායම් 4 හෙවත් Play off තරගය වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි වොරියර්ස් අතර තරගයක් පැවැතියත් එහි වැඩි වාසි කලමුබ් ස්ටාර්ස් පිලට හිමිව තිබේ. මූලික තරග වටය යටතේ දෙපිළම තරග 6 බැගින් සහභාගව තිබෙන අතර ස්ටාර්ස් පිල තරග 3 ක්ද වොරියර්ස් පිල තරගයක්ද ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන වල පසුවෙති.

දෙසැම්බර් 14 වැනිදා රාත්‍රියේ දඹුල්ල ජයන්ට්ස් එරෙහිව පැවැති තරගය ජය ගැනීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සමත්වීමත් සමඟ ග්ලැඩියේටර් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට එක්වුණු තෙවැනි කණ්ඩායම බවට පත්විය. ජැෆ්නා කිංග්ස් පිල තරග 6 කදී ජයග්‍රහණ 5 ක් ලබා ප්‍රසාද ලකුණු 10 ක්ද සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටින අතර තරග 7 කදී ජයග්‍රහණ 3 ක් සහ එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වීම නිසා ප්‍රසාද ලකුණු 7 ක් දිනා සිටින දඹුල්ල ජයන්ට්ස් පිල තෙවැනි ස්ථානයේ පසු වන්නේය.

ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පැමිණීමට නම් කැන්ඩි වොරියර්ස් පිලට මීළඟට සහභාගිවීමට නියමිත දඹුල්ල ජයන්ට්ස් පිලට සහ කලම්බු ස්ටාර්ස් පිලට එරෙහි තරග 2 ම ජය ගැනීම අනිවාර්ය වන අතරම කලම්බු ස්ටාර්ස්ට සහ ජැෆ්නා කිංග්ස් අතර තරගය ජැෆ්නා කිංග්ස් ජය ගත යුතු වේ.

එසේ වුවහොත් දෙපිළේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 දක්වා සමාන තත්ත්වයට පත් වන බැවින් වැඩි ලකුණු වේගයක් රඳවා ගැනීමට සමත්වන කණ්ඩායම ලබන 20 වැනිදා සිට පැවැත්වෙන අවසන් වටයේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබනු ඇත.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee