slc
logo
Home   |    News
දෙසැම්බර් 5, 2021
LPL ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් පමණයි

sinhala editor

එල්.පී.එල්. තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශපත්‍ර දෙසැම්බර් මස 05 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පෙරවරු 9.00 සිට අළෙවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. පස්වරු 5.00 දක්වා මෙම ප්‍රවේශපත්‍ර කවුළුව විවෘතව පවතියි.

රුපියල් 300, රුපියල් 1000, රුපියල් 2000,  රුපියල් 3000, සහ රුපියල් 5000 ක් යන මිල ගණන් කාණ්ඩ 5 ක් යටතේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාවී තිබේ. නැතහොත් bookmyshow.com හෝ daraz.lk යන වෙබ් අඩෙවි වලින්ද ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව පවතින අතර ඒ සියලු ප්‍රවේශ පත්‍ර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කොට ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් පමණක් නිකුත් කෙරෙනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයට ඇතුළු කළ හැකි ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 50 ක ප්‍රතිශතයකට තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ අවසරය හිමිවේ. කෙසේ වෙත්ත එම අවසරය ලබා දීමේදී එන්නත් මාත්‍රා ද්විත්වම ලබාගත් ප්‍රේක්ෂකයින්ට පමණක් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමට පියවර ගනු ලැබේ. ඒ අනුව තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයින් අවසන් මාත්‍රාව අවම වශයෙන් දින 14 කට පෙර සම්පූර්ණ කර තිබෙන බවට තහවුරු කළ හැකි එන්නත් පත්‍රිකාවද රැගෙන ඒම අනිවාර්ය වනු ඇත.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ සමාරම්භය ඉකුත් වසරේ ශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් වන ගෝල් ග්ලැඩියේටර් අතර තරගයෙන් දෙසැම්බර් 05 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7.30 ට ආරම්භ වේ. ප්‍රවේශ පත්‍ර ලාභී සියලු ක්‍රීඩා ලෝලීන්ට ප.ව. 6.00 ට පැවැත්වෙන දර්ශණීය සමාරම්භක උත්සවය නැරඹීමේ අවස්ථාවද හිමිවේ. එබැවින් ප.ව. 4.00 සිට ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ අවස්ථාව උදාවනු ඇත.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee