slc
Home   |    News
ජනවාරි 6, 2022
කොමන්වෙල්ත් තරගාවලියට සුදුසුකම් ලබන්න කාන්තා ක්‍රීඩිකාවෝ මැලේසියාවට යති

sinhala editor

By Chamila Karawita

එංගලන්තයේ බර්මිංහැම්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීම සඳහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම මස 09 වැනිදා මැලේසියාව බලා පිටත්ව යනු ඇත.

ජනවාරි 18 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. නම් කරන ලද කණ්ඩායමේ උප නායිකාව ලෙස හර්ෂිතා මාධවී නම් කර තිබේ.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගනු ලබන කණ්ඩායම 2022 වසරේ ජූලි 29 වැනිදා බර්මිංහැම්හිදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලිකත්වය ගෙන පවත්වනු ලබන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී බංග්ලාදේශය, කෙන්යාව, ස්කොට්ලන්තය සහ සත්කාරක මැලේසියාව ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රතිවාදීහු වෙති. එම තරගාවලියේදී 19 වැනිදා ස්කොට්ලන්තය සමග තරග වදින ශ්‍රී ලංකාව 20 වැනිදා කෙන්යාවට එරෙහිවත්, 22 වැනිදා සත්කාරක මැලේසියාවටත් සහ 24 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා පිල – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකාව), හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, අනූෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, අමා කාංචනා, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, විශ්මි රාජපක්ෂ, ඕෂදී රණසිංහ, සුගන්දිකා කුමාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, අචිනි කුලසූරිය.

අතිරේක ක්‍රීඩිකාවන් – මදුශිකා මෙත්තානන්ද, කාව්‍යා කාවින්දි, ඉමේෂා දුලානි, සත්‍යා සංදීපනී

තරග කාල සටහන

ජනවාරි 18 – ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර

ජනවාරි 20 – ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර

ජනවාරි 22 – ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර

ජනවාරි 24 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest