slc
Home   |    News
ජනවාරි 20, 2022
චමරිගේ දෙවැනි අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකාව පෙරට

sinhala editor

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය යටතේ තරග වැදි දෙවැනි තරගය වූ කෙන්යාවට එරෙහි තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අද (20 දා) පෙරවරුවේ සමත්විය.

ක්වාලලාම්පූර්හි කින්රාරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමු පන්දුවට පහර දුන් කෙන්යානු පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 87 ක් ලබා ගැනීමට සමත්විය. එය හඹා යෑමේදී පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් යළිත් සුපුරුදු ආරම්භයක් ලබා ගත් නායිකා චමරි අතපත්තු පන්දු 29 කදී වේගවත් ලකුණු 57 ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ පෙරමුණ ගත් ක්‍රීඩිකාව බවට පත්වූවාය.

මෙම අර්ධ ශතකය චමරි මෙවර තරගාවලියේ පිට පිට ලබාගත් දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන්වීම කැපී පෙනෙන අතර එම ඉනිම හේතුවෙන් ඇය තරගයේ වීරවරිය සම්මානයෙන්ද පිදුම් ලැබීය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට මෙතෙක් තරගාවලියේ ලකුණු 143 ක් ලබා වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකාරිණියන් අතර පෙරමුණ ගැනීමට චමරි සමත්ව සිටියි. ඇය මෙම තරගයට ප්‍රථම ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 86 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබා දුන්නාය.

හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වුණු චමරි අතපත්තු සමඟ සාර්ථක ආරම්භයක් ලබා දුන් විශ්මි ගුණරත්න පන්දු 26 කදී ලකුණු 26 ක් ලබා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක් එක් කිරීමට දායකත්වය දැක්වූවාය.

කෙන්යානු පිල වෙනුවෙන් පන්දුවට පහර දීමේදී ආරම්භක පිතිකාරිණිය වූ කුවීන්ටර් අබෙල් ලකුණු 33 ක් සහ මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි සාරා වෙටොටෝ ලකුණු 29 ක් ලබා පිත්තෙන් කැපී පෙනුණහ. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර, සචිනි නිසංසලා, කවිශා දිල්හාරි සහ නායිකා චමර් අතපත්තු එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ලකුණු සාරාංශය

කෙන්යානු කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 87 යි – (කුවීන්ටර් අබෙල් 33, සාරා වෙටොටෝ 29, ඉනෝකා රණවීර 15/1, සචිනි නිසංසලා 25/1, කවීෂා දිල්හාරි 11/1, චමරි අතපත්තු 10/1)

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 9.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 89 යි – (චමරි අතපත්තු 57, විශ්මි ගුණරත්න 26*, එස්චර් වචිරා 04/1)

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest