slc
Home   |    News
ජනවාරි 16, 2022
චාමික ගුණසේකර එක්දින වරම් දිනාගත් තරගයේ ශ්‍රී ලංකාව පන්දු යවයි

sinhala editor

සුපර් ලීග් තරගාවලිය යටතේ සිම්බාබ්වේ පිලට එරෙහිව අද (16 දා) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී මංගල එක්දින වරම් දිනා ගැනීමට වේග පන්දු යවන චාමික ගුණසේකර සමත්විය. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 5 ක් සහිතව අද තරගයට අවතීර්ණව සිටීම කැපී පෙනෙයි. අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් ආසාධනය වීමත්, ධනංජය ද සිල්වා පිතෘ නිවාඩු යෑමත් සහ වනිඳු හසරංග විවේක ගැන්වීමත් නිසා මෙම සංචිතයට ඇතුළත් නොවෙති. සංචිතයේ සිටින ක්‍රීඩකයින් අතරි ප්‍රවීන් ජයවික්‍රම සහ දුෂ්මන්ත චමීර අද තරගයට ක්‍රීඩා නොකරති.

මොවුන් වෙනුවට කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ජෙෆ්රි වැන්ඩර්සි, නුවන් ප්‍රදීප් සහ චාමික ගුණසේකර අවසන් 11 දෙනා අතරට එක්ව සිටින ක්‍රීඩකයෝ වෙති.

චාමික ගුණසේකර මෙරට එක්දින වංශ කතාවේ එක්දින වරම් දිනා ගත් 203 වැනි ක්‍රීඩකයා වන්නේය. කොළඹ ආනන්ද විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටින 22 හැවිරිදි වේග පන්දු යවන්නා ඉකුත්දා නිමාවට පත් වුණු පාකිස්තානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති සිව්දින තරගයේදී කඩුලු 6 ක් දවා ගනිමින් තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානය දිනා ගැනීමට සමත්වූවේය. එම දක්ෂතාව ප්‍රධාන කොට ඔහුව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමටද ඇතුළත් කළ නමුත් තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබිණ.

සිම්බාබ්වේ කඳවුර දෙසින් ටකුඩ්වනේෂ් කයිටානෝ අද මංගල එක්දින වරම් දිනා ගෙන සිටියි.

ශ්‍රී ලංකාව – 1. කුසල් මෙන්ඩිස්, 2. පැතුම් නිස්සංක, 3. කමිදු මෙන්ඩිස්, 4. දිනේෂ් චන්දිමාල්, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. චාමික කරුණාරත්න, 8. මහීෂ් තීක්ෂණ, 9. ජෙෆ්රි වැන්ඩර්සි, 10. නුවන් ප්‍රදීප්, 11. චාමික ගුණසේකර

සිම්බාබ්වේ – 1. රයන් බර්ල්, 2. සිකන්දර් රාසා, 3. රෙගිස් චකබ්වා, 4. ටෙන්ඩායි චටාරා, 5. ක්‍රෙග් අර්වින් (නායක), 6. ටකුඩ්වාන්ශේ කයිටානෝ, 7. වෙසිලී මඩව්ර්, 8. වෙලිංටන් මසකඩ්සා, 9. බ්ලෙසිං මුසරාබානි, 10. රිචරඩ් නගාරාවා, 11. ෂෝන් විලියම්ස්.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest