slc
logo
Home   |    News
ජනවාරි 26, 2022
ඩිල්රුවන් පෙරේරා ජාතික කර්තව්‍යයෙන් නිදහස් වෙයි

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලද පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ජාත්‍යන්තර තරග වලින් සමුගැනීමට තීරණය කළ බව නිවේදනය කර සිටියි. මේ පිළිබඳව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

එම ලිපියට අනුව ඔහු තවදුරටත් දේශීය තරග සඳහා බලාපොරොත්තුවෙන් පසුවන බවද සඳහන් කර සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 අංශ 3 ම නියෝජනය කිරීමට සමත් දකුණත් පිට දඟ පන්දු යවන්නා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 161 ක් දවා ගැනීමට සමත්ව තිබේ.

ටෙස්ට් තරග 43 ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති 39 හැවිරිදි ඩිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 කට වඩා දවා ගත් පන්දු යවන්නන් 7 දෙනාගේ සාමාජිකයෙකි. කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගැනීම් 8 ක් සහ තරගයක කඩුලු 10 ක් දවා ගැනීම් 2 ක් සටහන් කර ගැනීමටද ඩිල්රුවන් සමත්ව සිටියි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest