slc
logo
Home   |    News
ජනවාරි 26, 2022
දික්වැල්ල සහ කමිඳුගේ වේගවත් ඉනිමෙන් කැන්ඩි පළමු ජය ලබයි

sinhala editor

By Chamila Karawita

නිරෝෂන් දික්වැල්ලගේ වේගවත් ආරම්භයත් මැද පෙළින් පැමිණි කමිඳු මෙන්ඩිස්ගේ ප්‍රවේගකාරී ඉනිමත් හේතුවෙන් නැෂනල් සුපර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (26 දා) කොළඹ එස්. එස්.සී. පිටියේදී ජැෆ්නා එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි කණ්ඩායම ඕවර 39.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. පැතුම් නිස්සංක සමඟින් පළමු කඩුල්ලට පන්දු 86 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩ නැඟූ නිරෝෂන් දික්වැල්ල කැන්ඩි කණ්ඩායමට හඹා යෑම සඳහා සාර්ථක ප්‍රවේශයක් තනා දුන්නේය.

අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දික්වැල්ලත් පැතුම් නිස්සංකත් ලකුණු 3 ක් ඇතුළත දැවී යෑම හඹා යෑමට තරමක පහරක් එල්ල කරවන්නක් වූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 136 ක තිබියදී ඕෂද ප්‍රනාන්දුද දැවී යෑම කැන්ඩි පිලට තරමක කණස්සල්ල දනවන්නක් විය.

එහෙත් කමිඳු මෙන්ඩිස්ට එක්වූ කමිල් මිශාර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 43 ක්ද කමිඳු මෙන්ඩිස් ට එක් වූ සහන් ආරච්චිගේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී නොබිඳුණු ලකුණු 68 ක සම්බන්ධතාවක් පවත්වමින් කැන්ඩි පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. කමිල් මිශාර පන්දු 52 කදී ලකුණු 34 ක්ද සහන් ආරච්චිගේ පන්දු 35 කදී නොදැවී ලකුණු 28 ක්ද රැස් කළහ.

නිරෝෂන් දික්වැල්ල පන්දු 45 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 69 ක් ද කමිඳු මෙන්ඩිස් පන්දු 45 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 57 ක්ද ලබා ගනිමින් කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට වැඩි දායකත්වයක් දැක්වූහ.

ප්‍රතිවාදී ජැෆ්නා පිල වෙනුවෙන් නැවතත් සාර්ථක වුණු ළහිරු තිරිමාන්න පන්දු 74 කදී ලකුණු 56 ක් රැස් කරගනිද්දී සංතුෂු ගුණතිලක පන්දු 50 කදී ලකුණු 45 ක් රැස් කර ගත්තේය. එල්.පී.එල්. තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මාය දිනාගත් ජනිත් ලියනගේ පන්දු 63 කදී ලකුණු 41 ක ලබා ගත්තේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවට තල්ලු කරමිනි.

පන්දු යැවීමේදී කැන්ඩි කණ්ඩායමේ නිපුන් රන්සිංක ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභියා බට පත්වද්දී අසිත ප්‍රනානදු සහ පුලින තරග කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

තරගයේ වීරයා – නිරෝෂන් දික්වැල්ල

ලකුණු සාරාංශය – ජැෆ්නා පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 246 යි – (ළහිරු තිරිමාන්න 56, ධනංජය ද සිල්වා 28, සදීර සමරවික්‍රම 18, නිපුන් හග්ගල්ල 10, ජනිත් ලියනගේ 41, සංතුෂ් ගුණතිලක 45, ඉෂාන් ජයරත්න 19, ජෙෆ්රි වැන්ඩර්සි 16*, නිපුන් රන්සික 41/3, අසිත ප්‍රනන්දු 51/2, පුලින තරංග 44/2)

කැන්ඩි පන්දුවාර 39.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 247 යි – (නිරෝෂන් දික්වැල්ල 69, පැතුම් නිස්සංක 32, කමිල් මිශාර 34, ඕෂද ප්‍රනාන්දු 18, කමිඳු මෙන්ඩිස් 57*, සහන් ආරච්චිගේ 28*, ශිරාන් ප්‍රනාන්දු 33/2)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

USD United States (US) dollar