slc
logo
Home   |    News
ජනවාරි 29, 2022
ධනංජය ලක්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා ගාල්ලට දෙවැනි ජය ගෙනෙයි

sinhala editor

ධනංජය ලක්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද (28 දා) පැවැති නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ලට එරෙහි තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්විය.

ලකුණු 166 ක ඉලක්කයක් හඹා යෑමේදී පන්දුවාර 34.2 ක් අවසානයේදී කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්විය. ගාල්ල පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ අශාන් රන්දික පන්දු 38 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමඟ ලකුණු 49 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව පිත්තෙන් කැපී පෙනුණු ධනංජය ලක්ෂාන් පන්දු 29 කදී හතරේ පහර 5 ක් සමඟ ලකුණු 32 ක් රැස් කරමින් ගාල්ල ජයග්‍රහණයේ පෙරමුණ ගත් පිතිකරුවන් බවට පත්වූහ.

ඉලක්කය කුඩා වුවද මැද පෙළ කඩා වැටීම නිසා තරමක අසීරුතාවයකට පත් ගාල්ල පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමේදී මුදිත ලක්ෂාන් පන්දු 66 කදී නොදැවී ලකුණු 37 ක් ලබා ගත්තේය. එයට හතරේ පහර 4 ක් පමණක් ඇතුළත් විය. පන්දු යැවීමේදී ළහිරු සමරකෝන් කඩුලු 3 ක් සහ අශාන් ප්‍රියන්ජන් කඩුලු 2 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුවත් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය වළකාලීමට එම දක්ෂතා ප්‍රමාණවත් නොවීය.

පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල පිල පන්දුවාර 49.3 කදී ලකුණු 165 ක් පමණක් ලබා ගත්තේය.  ඒ වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 44 කින් සහ දුශාන් හේමන්ත ලකුණු 25 කින් ඉනිම පෝෂණය කළහ. ලකුණු ලබා ගැනීමේදී පළමු කඩුලු 9 ම ලකුණු 107 කට දැවී ගොස් තිබියදී අවසන් කඩුල්ලට එක්වූ ලක්ෂාන් සඳැකැන් සහ විශ්ව ප්‍රනාන්දු අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ලකුණු 58 නොවන්නට දඹුල්ල පිලට මීට කළින් පරාජය අත්වනවා නිසැකය. එහිදී සඳකැන් පන්දු 52 කදී ලකුණු 34 ක් ද විශ්ව ප්‍රනාන්දු පන්දු 55 කදී ලකුණු 14 ක්ද ලබා ගත්හ.

තරගයේ වීරයා – ධනංජය ලක්ෂාන්

ලකුණු සාරාංශය

දඹුල්ල පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 165 යි – (පවන් රත්නායක 44, දුශාන් හේමන්ත 25, ලක්ෂාන් සඳකැන් 34, හේෂාන් හෙට්ටිආරච්චි 31/3, ධනංජය ලක්ෂාන් 40/3)

ගාල්ල පන්දුවාර 34.2 කදී කඩුලු 7 කට ලකුණු 166 යි – (ධනංජය ලක්ෂාන් 32, අශාන් රන්දික 49, මුදිත ලක්ෂාන් 37*, ළහිරු සමරකෝන් 37/3, අශාන් ප්‍රියන්ජන් 38/2)

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee