slc
logo
Home   |    News
ජූලි 7, 2025
දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්

sinhala editor

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික කරුණාරත්නව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් චරික්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් නම් කරන ලද ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය සඳහා ටෙස්ට් සහ එක්දින තරගාවලියේ කැපී පෙනෙන පන්දු යවන්නකු වූ අසිත ප්‍රනාන්දුව විවේක ගන්වා තිබීම විශේෂත්වයක් වේ. ඒ වෙනුවට ලසිත් මාලිංගගේ පන්දු යවන ඉරියව්වට සමාන එෂාන් මාලිංගව කණ්ඩායමට කැඳවා තිබේ. ශ්‍රී ලංකාව අවසන් වරට තරග සංචාරය කරන ලද නවසීලන්ත තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව සිටියද මෙම තරගාවලිය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙක් නම් කර තිබෙන අතර එහිදී නවසීලන්ත තරග සංචාරයට ඇතුළත් නොවුණු තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේටද ස්ථානයක් වෙන්ව තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් කණ්ඩායමට එක්ව සිටින දසුන් ශානක අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරගයක් නියෝජනය කරන ලද්දේ 2024 වසරේ ජූලි මාසයේදීය. නමුත් ඔහු මෑතකදී පැවැති පෞද්ගලික විස්සයි-20 තරගාවලිවලදී කැපී පෙනෙන දක්ෂතා දක්වමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටින්නේය.

කණ්ඩායමට ඇතුළත්ව සිටින අනෙක් තුන් ඉරියව් ක්‍රීඩකයා වන චාමික කරුණාරත්නද අවසන් වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇත්තේ මීට වසර 2 කට පෙර හෙවත් 2023 වසරේ නොවැම්බර් මාසයේදීය.

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි-20 තරගය ජූලි මස 10 වැනිදා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 13 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීද තෙවැන්න 16 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතුර පතිරණ, නුවන් තුෂාර, එෂාන් මාලිංග.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee