slc
logo
Home   |    News
ජනවාරි 20, 2022
නොඑන ගමන් ගිය ඩබ්.ඒ.එන්. සිල්වා මහතාට ක්‍රිකට් ආයතනයේ ශෝකය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලකයකු මෙන්ම පුහුණුකරුවකු වූ ඩබ්. ඒ. එන්. සිල්වා මහතාගේ අභාවය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලවත් සංවේගය සහ හෘදයාංගම ශෝකය ඒ මහතාගේ වුලේ උදවිය වෙත ප්‍රකාශ කර සිටියි.

නවසීලන්තයේදී අභාවප්‍රාප්ත වූ ඩබ්.ඒ.එන්. සිල්වා මහතා මිය යන විටත් 91 වැනි වියේ පසුවිය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විවිධ භූමිකාවන් සඳහා පණ පෙවූ සිල්වා මහතා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ඉමහත් දායකත්වයක් ලබා දුන් පිරිස අතර ප්‍රධාන තැනක් ගනු ලබයි. ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයින් කාගේත් හිත දිනාගත්, වඩාත් ආදරය කරන චරිතයක් බවට සිල්වා මහතා පත්ව සිටියේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee