slc
logo
Home   |    News
ජනවාරි 19, 2022
NSL තරගාවලියට කණ්ඩායම් නම් කෙරෙයි

sinhala editor

By Chamila Karawita

මෙම මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත නැෂනල් සුපර් ලීග් හෙවත් එන්.එස්.එල්. 2022 තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත කණ්ඩායම් කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ කණ්ඩායම් 5 මෙහෙයවීමේ වගකීම එක්දින නායක දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ අශාන් ප්‍රියන්ජන් වෙත භාර දී තිබේ.

නම් කරන ලද කණ්ඩායම් සියල්ලටම ජාතික සංචිතයේ පසුවන සියළුම ක්‍රීඩකයින් ඇතුළත්ව සිටින අතර ඒ අතර පාසල් තරග මාලාවේ දස්කම් දක්වන ලද ක්‍රීඩකයින් කීප පළක්ම සංචිතවල පසුවීම කැපී පෙනෙයි.

ලොව විස්සයි-20 රටවල් අතර හොඳම පා දඟ පන්දු යවන්නා බවට පත්ව සිටින වනිඳු හසරංගද මෙම තරගාවලිය යටතේ දඹුල්ල කණ්ඩායම නියෝනය කිරීමට නියමිතය. ප්‍රකාශයට පත් කරන ලද මූලික කණ්ඩායම් වලට ප්‍රධාන ක්‍රීඩකයින් 17 දෙනෙකු බැගින් නම් කර තිබෙන අතර ඊට අමතරව සෑම කණ්ඩායමකටම අතිරේක ක්‍රීඩකයින්ද නම් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අතර කැන්ඩි කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයින් 7 දෙනෙකු කලම්බු සහ ජැෆ්නා කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් 5 දෙනා බැගින්ද ගෝල් කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු සහ දඹුල්ල කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් නම් කර තිබේ.

දේශීය ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩා සමාජ 26 අතුරින් තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් මෙම නැෂනල් සුපර් ලීග් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 අතරේ බෙදී ගොස් තිබේ.

නම් කරන ලද කණ්ඩායම් මෙසේය.

කැන්ඩි – කමිඳු නේඩිස් (නායක), කමිල් මිශාර, ලසිත් කෲස්පුල්ලේ, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, සහන් ආරච්චිගේ, චතුරංග ද සිල්වා, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, චාමික ගුණසේකර, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, අෂේන් ඩැනියල්, පුලින තරංග

අතිරේක ළහිරු උදාර, ඇන්ජලෝ පෙරේරා, විශ්ව චතුරංග, තික්ෂිල ද සිල්වා, ලසඳ රුක්මාල්, නිපුන් රන්සික, සචිඳු කොළඹගේ.

කලම්බු – දසුන් ශානක (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, සම්මු අශාන්, අෂේන් බණ්ඩාර, ළහිරු මදුශංක, කලන පෙරේරා, හිමේෂ් රාමනායක, මොහොමඩ් ඩිල්ෂාඩ්, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, කවිඳු නදීෂාන්.

අතිරේක – ක්‍රිෂාන් සංජුල, නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, සචින්ත ජයතිලක.

ජැෆ්නා – ධනංජය ද සිල්වා (නායක), සදීර සමරවික්‍රම, නිශාන් මදුශ්ක, ළහිරු තිරිමාන්න, නවෝද් පරණවිතාන, ජනිත් ලියනගේ, සංතුෂ් ගුණතිලක, ඉෂාන් ජයරත්න, රවිඳු ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි, දිලුම් සුධීර.

අතිරේක – සමින්ද ප්‍රනාන්දු, ප්‍රමෝද් ලියනගමගේ, නිපුන් මාලිංග, කසුන් මදුශංක, විජයකාන්ත් වියස්කාන්ත්.

ගෝල් – ඇන්ජලෝ මැතිව්ස් (නායක), අශාන් රන්දික, දිනේෂ් චන්දිමාල්, හිමාෂ ලියනගේ, මුදිත ලක්ෂාන්, අසේල ගුණරත්න, විශාද් රන්දික, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, මොහොමඩ් ශිරාස්, කවිෂ්ක අංජුල, ජෙහාන් ඩැනියල්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, නිමේෂ් විමුක්ති.

අතිරේක – මොහොමඩ් ශමාස්, ප්‍රියමාල් පෙරේරා, සුමින්ද ලක්ෂාන්, අකිල ධනංජය.

දඹුල්ල – අශාන් ප්‍රියන්ජන් (නායක), මිනෝද් භානුක, ගයාන් මනිශාන්, රොන් චන්ද්‍රගුප්ත, පවන් රත්නායක, සොනාල් දිනූෂ, භානුක රාජපක්ෂ, ලසිත් අබේරත්න, ළහිරු සමරකෝන්, වනිඳු හසරංග, විශ්ව ප්‍රනාන්දු, නුවන් තුෂාර, අනුක් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, දුවිඳු තිලකරත්න.

අතිරේක – සමීර සඳමාල්, දුශාන් හේමන්ත, අම්ෂි ද සිල්වා.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee