slc
logo
Home   |    News
ජනවාරි 26, 2022
මෙන්ඩිස් සහ අසලංක කොළඹ ජය ඉක්මන් කරති

sinhala editor

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේ බදාදා (26) පැවැති තරගයෙන් දඹුල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත්විය.

දඹුල්ල කණ්ඩායම පන්දුවාර 40 ක් අවසානයේ සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 143ට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම පන්දුවාර පන්දු 176 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 3 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

ජයග්‍රහණය හඹා යෑමේදී සාර්ථක ආරම්භයක් එක් කළ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක් ධනුෂ්ක ගුණතිලක සමඟ එක්ව රැස් කළේය. පන්දු 31 කදී ගොඩ නැංවුණු එම සම්බන්ධාවයේදී ධනුෂ්කගේ දායකත්වය ලකුණු 6 ක් වද්දී මෙන්ඩිස් ලකුණු 37 ක් ලබා ගත්තේය. ගුණතිලකගේ දැවී යෑමෙන් පසු දෙවැනි කඩුල්ල වෙනුවෙන් චරිත් අසලංකට එක්වූ මෙන්ඩිස් පන්දු 62 කදී ලකුණු 71 ක් රැස් කළේ කොළඹ ජයග්‍රහණය ඉක්මන් කරමිනි.

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ මෙන්ඩිස් කඩුල්ල අහිමිකර ගන්නා විට පන්දු 44 කදී ලකුණු 67 ක් රැස් කරගෙන සිටියේ හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සරසා ගනිමිනි.

කුසල් මෙන්ඩිස් දැවැත්ත පහරවල් පිටියපුරා එල්ල කළ අතර, ඔහුගේ පළමු හයේ පහර සරවනමුත්තු පිටියෙන් පිටත මහාමාර්ගයේ පතිත විය. මෙන්ඩිස් පන්දු 44ක දී හතරේ හයක් හයේ හතරක් සමග ලකුණු 64ක් ද චරිත් අසලංක පන්දු 46ක දී හතරේ අටක් සහ නොදැවී ලකුණු 52ක් ද ලැබූහ.

දඹුල්ල කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය.  ඉනිම ආරම්භයේ සිටම දඹුල්ල පිතිකරුවන් මන්දගාමී ස්වරූපයක් ඉසිලූ අතර, ඔවුන්ගේ ලකුණු රැස් කිරීමේ වේගය පන්දුවාරයකට 3.57කි.

නායක අෂාන් ප්‍රියංජන් මුළු ලකුණු 115දී (පන්දුවාර 26.2) පස්වන කඩුල්ල ලෙස කුණු 31ක ට දැවී යාමෙන් පසු අවසාන කඩුලු පහම තවත් ලකුණු 28ක් පමණක් එක්වනවිට දැවී ගියේ ඉනීමේ පන්දු හැටක්ම ඉතිරිව තිබියදී ය.

දඹුල්ල ඉනිමේ හොඳම සබඳතාවය වූයේ අංක තුන පිතිකරු ලසිත් අබේරත්න සහ අංක හතර පිතිකරු පවන් රත්නායක තුන්වන කඩුල්ලට පන්දු 54ක දී ලබාගත් ලකුණු 37 වේ.

දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 41ක් රැස්කළ  ලසිත් අබේරත්න වේ. කොළඹ කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරිය සිය පන්දුවාර දහය අවසානයේ ලකුණු 35ක ට කඩුලු තුනක්ම දවාලුවේය.  කළණ පෙරේරා සහ චරිත් අසලංක කඩුලු දෙක බැගින් දවාලූහ.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

ලකුණු සාරාංශය – දඹුල්ල පන්දුවාර 40ක දී සියල්ල දැවී 143යි – (ලසිත් අබේරත්න 41, අෂාන් ප්‍රියංජන් 31, පවන් රත්නායක 19, සොනල් දිනූෂ 15, දුවිඳු තිලකරත්න 12යි, ප්‍රභාත් ජයසූරිය 35/3, කළණ පෙරේරා 18/2, චරිත් අසලංක 19/2)

කොළඹ පන්දුවාර 20.4ක දී කඩුලු 3ට 144යි – (කුසල් මෙන්ඩිස් 67, චරිත් අසලංක නොදැවී 52, අෂාන් ප්‍රියංජන් 23/1 ලක්ෂාන් සඳකැන් 24/1, නුවන් තුෂාර 19/1)

Active filters

Recent Posts

  • අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ට ජයග්‍රාහී ගමනක්
    ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසු නැවතත් තම දක්ෂතා ඔප්පු කිරීමට අධිෂ්ඨානශීලීව උත්සාහ දරන අවිශ්ක ප්‍රනාන්දු තවත් වරක් තමන්ගේ වටිනාකම අද (13 3දා) පිටියේදීම සනාථ කළේය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අහිමිහිරි පරාජයක්
    එංගලන්තයේ බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ලෝක කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්තය හමුවේ ලකුණු 87ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් […]
  • හසිනි සහ හංසිමා අතර තේරීම් සටන මැද විශ්මි ඉදිරියට
    ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (12) බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා නම් […]
  • කමිඳුගේ අර්ධ ශතකය අපතේ යයි
    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ […]
  • අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල හෙට ලෝක කුසලාන ගමන අරඹයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee